ආයෝජන කලාපවල මව්වරුන්ටත් සහනය ලබාදෙන්න... ?

srilanka government prabath chandrasiri
By Nimal May 20, 2021 07:33 AM GMT
Nimal

Nimal

Report

 කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ රාජ්‍ය සේවයේ ගැබිණි මව්වරුන් සේවයට වාර්තා කිරීමකින් තොරව නිවසේ සිට රාජකාරී කිරිමට ලබාදී ඇති සහනය ආයෝජන ප්‍රවර්ධන කලාපවල සේවය කරන ගැබිණි මව්වරුන්ටද ලබාදිමට පියවර ගන්නැයි කම්කරු කොමසාරිස් ජෙනරාල් බී.කේ .ප්‍රභාත් චන්ද්‍රකිර්ති මහතා ඉල්ලා සිටී.

මන්ද අංක 02/2021(11)හා 2021-05-10 රාජ්‍ය පරිපාලන අනුව රාජ්‍ය සේවයේ ගැබිණි මව්වරුනට කොවිඩ් වසංගතය හමුවේ මෙම පහසුකම ලබා දී තිබේ.

එම නිසා රටේ පවතින වතාවරණය හමුවේ ඇතිවිය හැකි සංකූලතා හේතුකොට ගෙන රාජ්‍ය අංශයේ ගැබිණි මව්වරුනට ලබාදුන් සහනය ආයොජන ප්‍රවර්ධන කලාපවල සේවයකරන ගැබිණි මව්වරුනට ලබාදිය හැකි නම් අතිශයින් අගය කරන බවද කම්කරු කොමසාරිස් ජෙනරාල්වරයා වැඩි දුරටත් පැවසුවේය.