දිනයක් ,වෙලාවක් වෙන්කර ගෙන අක්ෂි සායනයට පැමිණිය යුතුයි.....

srijanka heaith I HOSPITAL
By Nimal May 20, 2021 06:44 AM GMT
Nimal

Nimal

Report

 අක්ෂි ප්‍රතිකාර ලබා ගැනීම සදහා පැමිණෙන රෝගීන්කොවිඩ් 19 නව වෛරස ව්‍යාප්තිය හමුවේ ඉතා අවධානම්කාරී තත්ත්වයක් හටගෙන ඇති බැවින් ජාතික අක්ෂි රෝහලටම පැමිණීම අත්‍යවශ්‍ය නොවෙන අතර අදාල දිස්ත්‍රික්ක තුළ තිබෙන අක්ෂි සායන වෙත යොමු වීමෙන් සිය ප්‍රතිකාර ලබා ගත හැකි බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ශ්‍රී ලංකා ජාතික අක්ෂි රෝහල පිහිටා ඇත්තේ COVID – 19 වෛරසය ව්‍යාප්තිය අධි අවධානම් කලාපයක් තුළය. මෙම වෛරස ව්‍යාප්තිය පාලනය කර ගැනීම සඳහා සෞඛ්‍ය නීති උපදෙස්වලට උපරිමව අනුගතවී ක්‍රියා කල යුතුය. පුද්ගල දුරස්ථතාවය ආරක්ෂා කර ගනිමින්, රෝහලේ බාහිර රෝගී පරිශ්‍රයතුළ රඳවා තබා ගත හැකි වන්නේ හදිසි අත්‍යවශ්‍යම සේවාවන් සඳහා පැමිණෙන ඉතා සීමිත රෝගීන් සංඛ්‍යාවක් පමණි..

කොවිඩ් 19 නව වෛරසය ආසාධනය වී රෝග ලක්ෂණ නොපෙන්වන රෝගීන් ජනතාව අතර සිටින නිසා කාර්යමණ්ඩලය සහ ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන රෝගීන් හට මෙම වෛරස ආසාධනය වීමේ හැකියාව ඉතා ඉහල මට්ටමක පවතින බැවින් අක්ෂි රෝගයට ප්‍රතිකාර ලබා ගැනීමට ආසන්නතම රජයේ රෝහලක අක්ෂි සායනය වෙත යොමු වීම ඉතාමක්ම සුදුසුය. අදාල දිස්ත්‍රික් රෝහල් තුළ තිබෙන අක්ෂි සායන වෙත ඹබගේ අවශ්‍යතාවය සදහන් කර අදාල දුරකථන අංක වෙත ඇමතුමක් ලබාගෙන වෙලාවක් හා දිනයක් වෙන්කරවා ගැනීම අනිවාර්ය වේ.

මෙම ක්‍රමවේදය තුළින් රෝගීන් රැඳී සිටීමේ කාලය අවම කෙරෙන බැවින් එහිදී රෝහල් පරිශ්‍රය තුළ වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම මූලික අරමුණ වේ.

අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය මුදිතා කුලතුංග මහත්මිය ,සඳුදා, බදාදා, සිකුරාදා කාමර අංක 01 ,011 7 68 27 41-අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය මානෙල් පැස්කුවල් මහත්මිය අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සෙනසුරාදා,කාමර අංක 01,011 7 68 25 54-අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය දීපානි වේවැල්වල මහත්මිය,සදුදා , බදාදා, සිකුරාදා කාමර අංක 02, 011 7 68 25 58-අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය ප්‍රදීපා සිරිවර්ධන මහත්මිය,අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සෙනසුරාදා,කාමර අංක 02,011 7 89 83 01-අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය කුෂ්ලානී ගුණරත්න මහත්මිය,අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සෙනසුරාදා,කාමර අංක 03,011 7 68 23 91-අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය එම්.ඩී.එස්.ගුණතිලක මහතා සඳුදා, බදාදා, සිකුරාදා ,කාමර අංක 03,011 7 68 25 49-අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය කේ.ආර්.දයාවංශ මහතා,සඳුදා, බදාදා, බ්‍රහස්පතින්දා,කාමර අංක 14,011 7 68 25 34- අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය චමීර බණ්ඩාර මහතා,අඟහරුවාදා,කාමර අංක 14,011 7 68 25 64-අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය කුසුම් රත්නායක මහතා,සිකුරාදා, කාමර අංක 14,011 7 68 26 57-අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය කපිල බන්දුතිලක මහතා,සඳුදා, බදාදා,රෙටිනල් සායනය,011 7 89 83 44-අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය මංගල ධනපාල මහතා,අඟහරුවාදා, සිකුරාදා,රෙටිනල් සායනය,011 7 68 26 50-අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය නලින්ද සමරකෝන් මහතා,බ්‍රහස්පතින්දා, සෙනසුරාදා, රෙටිනල් සායනය ,011 7 68 20 94 අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයාගේ නම ,සායන දිනයන් සහ සායන කාමරය හා දුරකථන අංශ සදහන් කර ඇති බැවින් අදාල දුරකථන අංකවල ට කථාකොට දිනයක් හා වෙලාවන් වෙන්කර සායන සදහා පැමිණෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය ජනතාවගෙන් ඉල්ලා සිටි.