කොවැක්ස් (COVAX) පහසුකම සඳහා යුරෝපා සංගමයේ දායකත්වය ලබා දීමටද එකඟතාව...
වෛරසයට එරෙහිව රටේ වැඩිහිටි ජනගහනය එන්නත් කිරීමේ ජාතික ක්‍රියාකාරී සැලැස්ම තුළ, ශ්‍රී ලංකාව ඇතුළු රටවල් විසින් කොවිඩ්-19 එන්නත් සඳහා සමාන ප්‍රවේශයක් ලබා ගැනීම සඳහා වන කොවැක්ස් (COVAX) පහසුකම සඳහා යුරෝපා සංගමයේ දායකත්වය ලබා දීමටද එකඟතාව පළවු බව විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
යුරෝපා සංගම්-ශ්‍රී ලංකා සහයෝගීතාව සහ ජීඑස්පී+ ක්‍රියාවලිය ඇතුළු අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු පිළිබඳව සාකච්ඡා කිරීමට කොළඹ සිටින යුරෝපා සංගමයේ තානාපතිවරු විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විදේශ අමාත්‍යංශයේදී ඊයේ (18), හමු වූහ.
ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර පවතින බහුවිධ සහයෝගීතාව විදේශ අමාත්‍යවරයා සාදරයෙන් පිළිගත්තේය. 2021 ජනවාරි 25 දින පැවති යුරෝපා සංගම් - ශ්‍රී ලංකා ඒකාබද්ධ කොමිෂන් සභා රැස්වීම පිළිබඳ පසු විපරම් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කෙරිණි.
සාකච්ඡාවට භාජනය වූ අනෙකුත් කරුණු අතර, වෛරසයට එරෙහිව රටේ වැඩිහිටි ජනගහනය එන්නත් කිරීමේ ජාතික ක්‍රියාකාරී සැලැස්ම තුළ, ශ්‍රී ලංකාව ඇතුළු රටවල් විසින් කොවිඩ්-19 එන්නත් සඳහා සමාන ප්‍රවේශයක් ලබා ගැනීම සඳහා වන කොවැක්ස් (COVAX) පහසුකම සඳහා යුරෝපා සංගමයේ දායකත්වය ලබා දීමටද මෙම සාකච්ඡාවේදී එකඟතාව පළව තිබේ.
ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිත කණ්ඩායමේ තානාපති ඩෙනිස් චයිබි , ප්‍රංශ තානාපති එරික් ලැවර්තු , ඉතාලියේ තානාපති රීටා මැනෙල්ලා , නෙදර්ලන්ත තානාපති ටැන්ජා ගොන්ග්‍රිප් , ජර්මනියේ තානාපති හොල්ගර් සේබර්ට් සහ රුමේනියාවේ කාර්යය භාර නිලධාරී වික්ටර් චියූජ්ඩියා යන මහත්ම මහත්මීන් මෙම රැස්වීමට සහභාගී වූහ. කලාපීය සහයෝගීතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසුරිය , විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ යන මහත්වරු සහ විදේශ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහුද මෙම අවස්ථාවට එක් වූහ.