ඔස්ට්‍රෙිලියානු රජයෙන් රුපියල් මිලියන 952 ක අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක්...
මෙරට කොවිඩ් පාලන වැඩපිළිවෙල ශක්තිමත් කිරිම සදහා ඔස්ට්‍රෙිලියානු රජයේ මූල්‍ය දායකත්වය යටතේ යුනිසෙෆ් (UNICEF) සංවිධානයේ සම්බන්ධීකාරකත්වයෙන් රුපියල් මිලියන 952 වටිනාකමකින් යුත් ඔක්සිජන් සිලින්ඩර් ඇතුළු අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කළ බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.
ඇමතිවරිය එසේ පැවසුවේ අද (19) පෙරවරුවේ යුනිසෙෆ් සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත එමා බ්‍රිගේම් මහත්මිය (Ms.Emma Brigham) විසින් මෙම උපකරණ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත කොළඹ පිහිටි යුනිසෙෆ් සංවිධානයේ ප්‍රධාන කාර්යාලයේ දී සංකේතාත්මකව පරිත්‍යාග කළ අවස්ථාවේදීය .
ඔස්ට්‍රෙිලියානු ශ්‍රී ලංකා මහකොමසාරිස් ඩේවිඩ් හොලි මහතා (Mr. David Holly) සහ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හනා සිංගර්-හැම්ඩි මහත්මිය (Ms.Hanaa Singer-Hamdy) මෙම අවස්ථාවට එක්ව සිටියහ.
රුපියල් මිලියන 952 වටිනාකමකින් යුත් අත්‍යාවශ්‍ය උපකරණ අතර ඔක්සිජන් සිලින්ඩර් 291 ක්, ඔක්සිජන් රෙගුයුලේටර් (oxygen regulators) 342 ක්, ඔක්සිජන් මුව ආවරණ 2,490 ක්, ගිණි නිවන උපකරණ (fire extinguishers) 20 ක් පරිත්‍යාග කරන ලදි.
මෙහිදී අදහස් දක්වමින් පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කියා සිටියේ, මෙම පරිත්‍යාගය මෙරට කොවිඩ් - 19 ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරිම සඳහා ඉවහල්වන බවත්, මෙම වෛද්‍ය උපකරණ පරිත්‍යාග කළ ඔස්ට්‍රෙිලියානු රජයට සහ එම රටේ ජනතාවට ශ්‍රී ලංකා රජය වෙනුවෙන් විශේෂ ස්තූතිය පිරිනැමීමට මෙය අවස්ථාවක් කර ගන්නා බවයි.
මෙම උපකරණ බස්නාහිර පළාත ප්‍රමුඛව කොවිඩ් ප්‍රතිකාර සේවාවන් සිදු කරන රෝහල් හා ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත ලබාදීමට නියමිත බවද සෞඛ්‍ය අමාත්‍යතුමිය මෙහිදී සැවසුවාය.
මෙම පරිත්‍යාගය ශ්‍රී ලංකාවට ලබාගැනීම සදහා සම්බන්ධීකරණ කටයුතු සිදු කළ යුනිසෙෆ් සංවිධානය වෙත ශ්‍රී ලංකා රජය වෙනුවෙන් සිය අවංක කෘතඥතාව පළ කරන පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වැඩිදුරටත් සදහන් කළාය.
මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංග මහත්මිය, බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ධම්මිකා ජයලත් මහත්මිය සහ යුනිසෙෆ් සංවිධානය නියෝජනය කරමින් නියෝජිතයින් පිරිසක් එක්ව සිටියහ.