ගම්පහ දිස්ත්‍රික්කයට තවත් සිනොෆාම් කොවිඩ් එන්නත් 110,000 ක්.....

Srilanka health presanna ranatunga
By Nimal May 16, 2021 06:39 AM GMT
Nimal

Nimal

Report

 ගම්පහ දිස්ත්‍රික්කය සදහා තවත් සිනොෆාම් කොවිඩ් එන්නත් 110,000 වෙන් කෙරෙනු අතර මේ වනවිට පසුගිය දිනවල දී එන්නත් මාත්‍රා 125,000 කට ආසන්න සංඛ්‍යාවක් ලබා දී මට පියවර ගෙන ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.ගම්පහ දිස්ත්‍රික්කයට  තවත් සිනොෆාම් කොවිඩ් එන්නත් 110,000 ක්..... | Srilanka Health

තිබේ. සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ ඉල්ලීමකට අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ ක්ෂේත්‍ර නිළධාරින්, ගුරුවරු ඇතුළු රජයේ නිළධාරීන්ට ද මෙම එන්නත් ලබාදීම සිදු කෙරිණි.

ගම්පහ දිස්ත්‍රික්කයට  තවත් සිනොෆාම් කොවිඩ් එන්නත් 110,000 ක්..... | Srilanka Health

මිනුවන්ගොඩ ප්‍රා දේශීය ලේකම් කාර්යාලයේ දී පසුගිය සිකුරාදා (14) මිනුවන්ගොඩ රාජ්‍ය සේවකයින් දහසකට ආසන්න පිරිසකට එන්නත් ලබාදීම සිදුකෙරුණු අතර මිනුවන්ගොඩ කළාප කාර්යාලයේ දි කළාපයේ ගුරු මහත්ම මහත්මීන්ට ද එන්නත ලබාදීම සිදු කෙරිණි.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කළේ මෙරටට ඉදිරියේ දී ලැබෙන එන්නත් වලින් ද වැඩි ප්‍රමාණයක් ගම්පහ දිස්ත්‍රික්කයට ලබාදෙන ලෙස ඉල්ලා ඇති බවයි.