නව කොවිඩ් ප්‍රතිකාරක මධ්‍යස්ථාන සෞඛ්‍ය අංශ වෙත ලබාදෙයි.

srilanka health presanna ranatunga
By Nimal May 12, 2021 11:50 AM GMT
Nimal

Nimal

Report

. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සංවිධානය කොට දිවයිනේ රෝහල් විස්සක ඉදිකරනු ලැබූ කොවිඩ් ප්‍රතිකාරක මධ්‍යස්ථාන සෞඛ්‍ය අංශ වලට භාර දීමේ කටයුතු අද පස්වරුවේ සිදු කෙරිණි.

රෝගීන් සඳහා ඇඳන් ඇතුළු ප්‍රතිකාරක අවශ්‍යතා වෙනුවෙන් අවශ්‍ය සියලුම පහසුකම් සහිතව මෙම කොවිඩ් ප්‍රතිකාරක මධ්‍යස්ථාන ඉදිකොට තිබේ. මිනුවන්ගොඩ මූලික රෝහලේ නව කොවිඩ් ප්‍රතිකාරක මධ්‍යස්ථානය සෞඛ්‍ය අංශ වලට භාරදීම අද පස්වරුවේ දී සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් සිදු කරනු ලැබූ අතර එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව  මෙම ප්‍රතිකාර මධ්‍යස්ථාන ඉදිකර බවයි.මෙරට ප්‍රධානතම දේශපාලන පක්ෂයක් වශයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සෑම අවස්ථාවකදීම ජනතා සුබ සිද්ධිය උදෙසා වගකීමෙන් සහ කැපවීමෙන් කටයුතු කරන පක්ෂයක් බවයි.

මෙම කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන ලබා දෙන්නේ ඇඳන් ඇතුළු අනිකුත් සියලුම පහසුකම් සහිතවයි. විශේෂයෙන්ම පාර්ලිමේන්තු, පළාත් සභා සහ පළාත් පාලන මන්ත්‍රීවරුන් ඇතුළු ගම් මට්ටමේ සියලුම සාමාජිකයින් ගෙන් අපේ පක්ෂයට ලැබෙන අරමුදලෙන් මේ ජාතික කර්තව්‍යය සිදු කිරීමට පක්ෂයක් හැටියට කටයුතු කළා. අද දවසේ මිනුවන්ගොඩ සහ මීරිගම ඒ වගේම අත්තනගල්ල වතුපිටිවල රෝහලේත් මේ වගේ වාට්ටු තුනක් ජනතා අයිතියට පැවරෙනවා.ඒ වගේම මෙවැනි කොවිඩ් ප්‍රතිකාරක මධ්‍යස්ථාන හැම දිස්ත්‍රික්කයකම ඉදි කෙරෙනවා.

විපක්ෂ නායකවරයාට තමන්ගේ විපක්ෂයේ අරමුදල භාවිතා කරමින් මෙවැනි වගකීම් කොටසක් රට වෙනුවෙන් ඉටුකිරීමට හැකි බවද මෙහිදී සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දුන්නේය. රටේ පවතින වාතාවරණය අනුව සලකා බලා ශ්‍රී ලාංකිකයින් ලෙස තමන්ගේ යුතුකම හා වගකීම ඉටුකිරීම සඳහා කිසිවෙකුටත් ආරාධනා කළ යුතු නොවේ.

රටේ විශාල වශයෙන් ආසාදිතයින් හමු වෙනවා නම් වෙනදාට වඩා ආසාදිතයින් මරණයට පත්වන්නේ නම් ඒ දෙස බලා සතුටු වෙනවාට වඩා එකතුවෙලා රට වෙනුවෙන් යමක් සිදු කිරීම මේ අවස්ථාවේදී වැදගත් වේ. කොරෝනා වසංගතයට පොදුජන පෙරමුණ ද ,එක්සත් ජාතික පක්ෂයද ,ජනතා විමුක්ති පෙරමුණද වශයෙන් පක්ෂයක් අදාළ වන්නේ නැහැ. ඒ නිසා මෙවැනි අවස්ථාවන් වල දී ලෝකයේ අනිකුත් රටවල් වල අත්දැකීම් උපයෝගී කරගෙන එකමුතු වී වැඩ කළ යුතුයි.

අද දිනයේ විවෘත කරනු ලබන කොවිඩ් ප්‍රතිකාරක මධ්‍යස්ථාන වලට ඉදිරි සතියේ සිට රෝගීන් ඇතුළත් කර ගැනීම සඳහා සියලු කටයුතු සංවිධානය කොට තිබේ. කාන්තා පිරිමි යනුවෙන් මෙහිදී ප්‍රතිකාරක මධ්‍යස්ථාන වෙන් කොට ඇති අතර රෝහල් සෞඛ්‍ය අංශ විසින් භාරගෙන ඊට අදාළ නිර්ණායක ක්‍රියාත්මක කරනු ඇත. මෙම වාට්ටු සංකීර්ණය ට ආසාදිත පුද්ගලයින් යොමුකෙරෙන අතර සංකූලතා නොමැති පුද්ගලයින් වැරැල්ලවත්ත ඇඳන් තුන්දහස් පන්සීයක් සහිතව ඉදි කෙරෙන නව ප්‍රතිකාරක මධ්‍යස්ථානය වෙත යොමු කෙරෙනු ලබයි. ඉදිරි සතිය වන විට එහි වැඩ කටයුතු අවසන් කිරීමට බලාපොරොත්තු වේ

මෙම ප්‍රතිකාරක මධ්‍යස්ථාන ඉදිකිරීම සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය විසින් සිදු කරනු ලැබුවක්. වැරැල්ලවත්ත ප්‍රතිකාරක මධ්‍යස්ථානය පළාත් සභාව සහ රජය ඒකාබද්ධව ඉදි කරනු ලබනයි. මෙවැනි කොවිඩ් ප්‍රතිකාරක මධ්‍යස්ථාන ඉදිකිරීම සඳහා දැනටමත් දානපතීන් ඉදිරිපත් වී ඇති අතර එම දායකත්වය සැපයූ පුද්ගලයින් තමන්ගේ නම වත් ඉදිරිපත් කිරීමට අකමැති වූ බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය. එවැනි අවස්ථාවකදී පක්ෂයක් වශයෙන් තවදුරටත් වගකීමෙන් ක්‍රියාත්මක වීමට ශක්තියක් හා දහිරියක් ලැබේන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය .