තාවකාලික වාට්ටුව දින දෙකකින් නිමකරයි..

srilanka health presanna ranatunga
By Nimal May 11, 2021 07:47 AM GMT
Report

. කොවිඩ් ප්‍රතිකාර රෝහල් ආශ්‍රිතව පහසුකම් පුළුල් කිරීමේ වැඩපිළිවෙල යටතේ මිනුවන්ගොඩ මූලික රෝහලේ ඉදිකෙරෙන තාවකාලික වාට්ටුවේ ඉදිකිරීම් දින දෙකක් තුළ අවසන් කර සෞඛ්‍ය අංශයට ලබාදෙන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා මහතා පවසයි.

ඇමතිවරයා එසේ පැවසුවේ ඊයේ (10) මිනුවන්ගොඩ මුලික රෝහලේ තාවකාලිකව ඉදිකෙරෙන වාට්ටුව පරික්ෂා කිරීමට ගිය අවස්ථාවේදීය.. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

මුල් අදියර යටතේ රොහල් 13 ක් ආශ්‍රිතව මෙම තාවකාලික වාට්ටු ඉදිකෙරෙන අතර ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ, වතුපිටිවල හා මීරිගම රෝහල් ආශ්‍රිතව මෙම තාවකාලීක රෝහල් වාට්ටු ඉදිකර ඇත. මෙම වාට්ටු සදහා අවශ්‍ය ඇදන්, සෞඛ්‍ය උපකරණ ද ලබාදීම මෙම ව්‍යාපෘතිය යටතේම සිදුවන බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා පැවසුවේය.