කොවිඩ් එන්නත ලබා දීමේ දී රජයේ නිළධාරීන්ට හා මාධ්‍ය වේදීන්ට ප්‍රමුඛතාව ...

srilanka health presanna ranatunga
By Nimal May 11, 2021 06:50 AM GMT
Nimal

Nimal

Report

 කොවිඩ් එන්නත ලබා දීමේ දී ක්ෂේත්‍ර නිළධාරීන්, ගුරුවරු, බැංකු නිළධාරීන් ඇතුළු සියලු රජයේ නිළධාරීන්ට හා මාධ්‍ය වේදීන්ට ප්‍රමුඛතාව ලබාදීමට තීරණය කළ බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඇමතිවරයා පෙන්වා දෙන්නේ දිවයින පුරා කොවිඩ් එන්නත්කරණ වැඩසටහන විධිමත්ව ක්‍රියාත්මක කිරීම සදහා රජය විශේෂ අවධානයක් යොමු කර ඇති බවයි.

ගම්පහ දිස්ත්‍රික්කයේ කොවිඩ් එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ ඊයේ (10) පැවති විශේෂ රැස්වීමක දී ඇමතිවරයා මේ බව සදහන් කළේය.

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රා දේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලයේ නිළධාරීන් හා ප්‍රා දේශීය ලේකම්වරු මෙම සාකච්ඡාවට එක් ව සිටියහ. කොවිඩ් ෂිල්ඩ් එන්නත ගම්පහ දිස්ත්‍රික්කයේ 249,000 කට එන්නත් කර ඇති බවත් චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා 80,000 ක් ගම්පහ දිස්ත්‍රික්කයට වෙන් කර ඇති බවත් මෙහි දී සෞඛ්‍ය බළධාරීහු පෙන්වා දුන්හ. එම එන්නත් 80,000 ඉදිරි දින කීපය තුළ ජනතාවට ලබාදිමට කටයුතු යොදා තිබේ.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහි දී කියා සිටියේ කොවිඩ් මර්දන කටයුතු සදහා සෘජුවම දායක වන ක්ෂේත්‍ර නිළධාරීන්ට මෙන්ම ගුරුවරු,බැංකු නිළධාරීන් ඇතුළු සියලු රාජ්‍ය නිළධාරීන්ට මෙම එන්නත ලබාදීමේ දී ප්‍රමුඛතාව ලබාදෙන ලෙස තමන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බවයි.

ඊට අමතරව සංචාරක හා ප්‍රවාහන ක්ෂේත්‍ර වල අයට ද ප්‍රමුඛතාව ලබාදෙන ලෙස තමන් ඉල්ලා සිටි බව පැවසු රණතුංග මහතා ජනාධිපතිවරයා ඊට සිය එකතගාවය පළ කළ බව ද කීවේය. ඒ අනුව රටපුරා එන්නත්කරණ වැඩසටහන කඩිනම් කිරීමටත්අවශ්‍ය එන්නත් කඩිනමින් ලබාගැනීමටත් රජය කටයුතු කරමින් සිටින බව ද ඇමතිවරයා කීවේය. ගම්පහ දිස්ත්‍රික්කයේ ලේකම් සුනිල් ජයලත් මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.