කොවිඩ් දෙවන මාත්‍රාව සදුදා සිට...

srilanka health d v chanaka
By Nimal May 07, 2021 07:11 AM GMT
Nimal

Nimal

Report

  කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ දැඩි අවධානමකට පත්වන ගුවන් සේවා හා ගුවන් තොටුපල කාර්ය මණ්ලයට කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබන සදුදා සිට ලබා දීමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක මහතා පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ සෞඛ්‍ය ඇමතිතුමිය මේ පිළිබදව දැනුවත් කරමින් කළ ඉල්ලීමකට අනුව ගුවන්තොටුපල කාර්ය මණ්ඩලය සදහා එන්නත් ලබාදීටම සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු කර තිබේ.

ගුවන්තොටුපල කාර්ය මණ්ඩලය සදහා පළමු එන්නත් කිරීම මෙම වසරේ පෙබරවාරි මාසයේ ක්‍රියාත්ම කළේය. ඒ අනුව දසදහදක පමණ පිරිසකට කොව්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ලැබිණි.

දෙවන එන්නත සදුදා සිට ලබාදීම ආරම්භ කිරීමත් සමග එන්නත් කරණය සම්පූර්ණ වේ. දෙවන මාත්‍රාව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල,මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපල,රත්මලාන ගුවන්තොටුපල හා ශ්‍රී ලංකන් සමාගම ආදී ආයතනයන්හි කාර්ය මණ්ඩල සදහා ලබා දීමට නියමිතය