කොවිඩ් රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන් වල හිගයක් නැහැ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කරයි
. කොවිඩ් රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන් වල කිසිදු හිඟයක් මෙතෙක් නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
අසේල ගුණවර්ධන මහතා එසේ පැවසුවේ අද දින (27) ජාතික පුවත්පතක සහ සමාජ මාධ්‍ය ඔස්සේ කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන් හිඟයක් ඇති බවටත්, එම නිසා රෝගී ජිවිත දැඩි අනතුරකට පත්ව ඇති බවටත් වාර්තා පළ කොට තිබුනි.එම පුවත් අසත්‍ය පුවතක් බවද ඒ මහතා වැඩි දුරටත් පැවසුවේය.
වැඩි දුරටත් මාධ්‍ය වෙත අදහස් දැක්වු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා “අද දිනයේ සමහර පුවත්පත්වල වාර්තා වී තිබුනා කළුබෝවිල ශික්ෂණ රෝහලේ ඔක්සිජන් හිඟයක් ඇති බවට. කළුබෝවිල රෝහලේ කිසිම ඔක්සිජන් හිඟයක් නැහැ. මෙයට පාදක වෙලා තිබුනේ නැගෙනහිර කොළඹ මූලික රෝහලේ ඔක්සිජන් හිඟයක් තිබෙනවා ද කියන කරුණක් මත. එම රෝහලෙත් කිසිදු ඔක්සිජන් හිඟයක් නැහැ.
දැනට අප රට තුළ මෙඩිකල් ඔක්සිජන් ලබාදෙන කර්මාන්ත ශාලාවලින් ඔක්සින් ලබාදීමේ කිසිදු අඩුවක් නැහැ. දැනට සපයන ප්‍රමාණයට වඩා ඔක්සිජන් සැපයීමට ඔවුන් සතුව හැකියාව තිබෙනවා. වැඩිපුර අපට අවශ්‍ය ඔක්සින් ලබාගනිමින් ජම්බෝ සිලින්ඩර් (විශාල සිලින්ඩර්) කොවිඩ් ප්‍රතිකාර සේවා සපයන රෝහල්වලට සහ ශික්ෂණ රෝහල්වලට ලබාදීමට කටයුතු කරනවා.
එම වැඩපිළිවෙල තවත් ක්‍රමවත් කිරිම පිළිබද ඔක්සිජන් සපයන ආයතන සමග අපි හෙට දින උදෑසන සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. දැනට කළුබෝවිල රෝහලේවත්, මුල්ලේරියාව රෝහලේවත් ඔක්සිජන් හිඟයක් නැහැ.” “ඊයේ දිනය තුල කොවිඩ් රෝගීන් 997 ක් වාර්තා වුණා.
පසුගිය සිංහල අවුරුදු කාලයට පෙර රෝගීන් වාර්තා වීම අවම මට්ටමක තිබුනේ. අවුරුදු සමයෙන් පසු රෝගීන්ගේ වැඩිවීමක් පෙන්නුම් කරනවා. සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදින්න කියලා අපි පසුගිය කාලය පුරාවටම ජනතාව දැනුවත් කළා. ජනතාව සංචාරය කිරීම් සහ අවුරුදු උත්සව, සැණකෙළි පැවැත්වීම නිසා තමයි මෙවන් වාතාවරණයක් අද ඇති වෙලා තිබෙන්නේ.
මේ දිනවන පැතිර යන වෛරස් ප්‍රභේදය නව වෛරස් ප්‍රභේදයක්. මෙම වෛරස් ප්‍රභේදයේ රෝග ලක්ෂණ පෙන්නුම් කරන ප්‍රමාණය වැඩිවෙලා තිබෙනවා. තරුණ පිරිස්වෙත වැළදීමේ සහ රෝග ලක්ෂණ පෙන්වීමේ ප්‍රවණතාවයක් තිබෙනවා. හුස්ම ගැනීමේ අපහසුතා නිසා ඔක්සිජන් ලබාදීමට සිදුවනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය වශයෙන් අපගේ රෝහල්වල, දැඩිසත්කාර ඒකකවල, අතරමැදි ප්‍රතිකාර ඒකක වල තිබෙන ධාරිතාවය සීමා සහිත බව ඔබ තේරුම් ගත යුතුයි.
ජනතාව වශයෙන් ඔබ වගකීමෙන් යුතුව කටයුතු කළ යුතු වෙනවා. කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ජනතාව මුව ආවරණ පැළද සිටියත්, දුරබැහැර ග්‍රාමීය ජනතාව මුව ආවරණ පැළැදීමේ ප්‍රවණතාවයේ අඩුවක් පෙනෙනවා. කොළඹට වැඩිය කොළඹින් පිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවල වෛරසය ව්‍යාප්තිය වැඩිවෙලා තිබෙනවා. ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකළහොත් ඉදිරියේ දී නිරෝධායන නීති දැඩි කිරීමට සිදු වෙයි. එමෙන්ම සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වශයෙන් පාසල් පැවැත්වීම පිළිබද අපගේ නිර්දේශ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් තුමා වෙත ලබා දී තිබෙනවා. මේ සතිය අවසන්වන විට වාර්තාවන රෝගීන් ප්‍රමාණය අනුව ඔවුන්ට නැවැත නිර්දේශ ලබාදෙනවා ලබන සතියේ පාසල් පැවැත්වීම සම්බන්ධව.”
මෙහිදී අදහස් දැක් වූ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා) වශේෂඥ වෛද්‍ය ලාල් පනාපිටිය මහතා - “අපි හැම රෝහලකටම, ප්‍රතිකාර මධ්‍යස්ථානයකටම ඔක්සිජන් සැපයුම නිසි පරිදි ලබාදීමට කටයුතු කර තිබෙනවා. රෝහල් බලධාරීන් ඒ පිළිබද දැනුවත් කර තිබෙනවා. ඔක්සිජන් සපයන ප්‍රධාන සමාගම් දෙකම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට දැනුම් දී තිබෙනවා අවශ්‍යකරන ධාරිතාවයටත් වඩා ධාරිතාවයක් ඔවුන් සතුව පවතින බව. ඔක්සිජන් රෝහල්වලට සැපයීමේ කටයුතු ද ක්‍රමාණුකූලව සිදු වෙනවා.”
කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ අසත්‍ය හා ජනතාව බියගන්වන සුළු මෙවැනි පුවත් පළ කිරිම පිළිබදව සෞඛ්‍ය අමාත්‍යාංශය දැඩි කණගාටුව පළ කරන බවද වැඩිදුරටත් පැවසුවේය.