විශේෂ පිරිසක් තවත් අර්බුදයක පැටලෙයි..

By Sewvandhi May 05, 2022 09:04 AM GMT
Sewvandhi

Sewvandhi

Report

නිෂ්පාදන වියදම් ඉහළ යාම හේතුවෙන් තමන් දැඩි ආර්ථික දුෂ්කරතාවට මුහුණ පා ඇති බවට මිනී පෙට්ටි කර්මාන්තයේ නියැලෙන්නන් පවසනවා.

දඹුල්ල ප්‍රදේශයේ මැල්සිරිපුර, මඩහපොළ, අලිපල්ලම සහ ඇල්ලගාවයාය ආදී ප්‍රදේශවල මිනී පෙට්ටි කර්මාන්තයේ මුල් නිෂ්පාදකයින් පිරිසකුයි මෙලෙස අපහසුතාවට පත්ව ඇත්තේ. 

ප්‍රමාණවත් තරම් ඉල්ලුමක් ලැබී තිබුණ ද, සිය නිෂ්පාදනය සඳහා යොදා ගන්නා දැව සහ අනෙකුත් අමුද්‍රව්‍යවල මිල ඉහළයාම හේතුවෙන් කර්මාන්තය කරගෙන යාමට නොහැකි තත්ත්වයක් මතුව ඇති බවයි ඔවුන් කියා සිටියේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now