ඕමානයේ ස්පාර් සුපිරි වෙළඳසලේ දී “ශ්‍රී ලාංකික නිෂ්පාදන”වෙළඳ කුටියක් .....

srilanka oman foreign ministry
By Nimal May 12, 2021 07:42 AM GMT
Nimal

Nimal

Report

. ශ්‍රී ලංකාවේ අහාර නිෂ්පාදන සදහා ඕමානයේ සුපුරි වෙළද සැලක විශේෂ වෙළද කුටියක් ස්ථාපිත කර තිබේ. විදේශ අමාත්‍යාංශයේ ආර්ථික රාජ්‍යතාන්ත්‍රික වැඩසටහන යටතේ ඕමානයට අපනයනය කරන ශ්‍රී ලංකික ආහාර නිෂ්පාදන සහිත මෙම වෙළද කුටිය ඉකුත් දා ඕමාන සුල්තාන් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ් මහතා සහ එහි ප්‍රධාන විධායක ශ්‍රීධර් මුසාපෙට් මහතා සමග එක්ව විවෘත කළේය.ඕමානයේ ස්පාර් සුපිරි වෙළඳසලේ දී “ශ්‍රී ලාංකික නිෂ්පාදන”වෙළඳ කුටියක් ..... | Srilanka Foreign

ඕමානයේ මදිනට් අල් සල්ටන් කබූස් හි පිහිටි ප්‍රමුඛ පෙළේ ස්පාර් සුපිරි වෙළඳසැලේ දී ආරම්භ වූ මෙම වෙළද කුටියේ සිලෝන් බිස්කට්ස් සමාගම හා ට්‍රැඩ්ලංකා ඇග්‍රිකල්චරල් එන්ටර්ප්‍රයිසස් සමාගම් විසින් නිෂ්පාදිත ආහාර තොගයක් අළෙවිය සදහා සූදානම් කර තිබේ. 

මෙම වෙළඳ කුටිය මඟින් නව ශ්‍රී ලාංකික නිෂ්පාදන ප්‍රදර්ශනය කිරීම සඳහා ද පහසුකම් සලසා ඇත. ඕමානයේ අනෙකුත් ප්‍රමුඛ ස්පාර් සුපිරි වෙළඳසැල්වල ද මෙවැනි සුවිශේෂී වෙළඳසැල් පිහිටුවීම සඳහා කටයුතු යොදනු ඇත.

මෙම වෙළද සැල් සදහා අවශ්‍ය ආහර ද්‍රව්‍ය ශ්‍රි ලංකාවෙන් අපනයනය කීරිමට ශ්‍රි ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයද පහසුකම් සපයයි. ඕමානයේ ජනප්‍රිය සුපිරි වෙළඳසැල් ජාලයක් වන ස්පාර් ඕමාන් සමාගම සතුව ඕමාන් සුල්තාන් රාජ්‍යය පුරා පැතිර ගිය වෙළඳසැල් 75 ක් පවතී.ඕමානය ශ්‍රී ලංකාව ආහාර නිෂ්පාදනය කිරීමේ දී ශ්‍රී ලංකා අපනයන මණ්ඩල පහසුකම් සලසනු ලබයි.

ශ්‍රී ලාංකික ආහාර පාන නිෂ්පාදන ඕමාන සුල්තාන් රාජ්‍යය වෙත අපනයනය කිරීම ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් යුතුව, මස්කට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය හා එක්ව මෑතක දී ස්පාර් ඕමාන් සමාගම සහ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ආහාර පාන නිෂ්පාදන සමාගම් 16 ක් අතර අතථ්‍ය අන්තර් ව්‍යාපාර රැස්වීමක් සංවිධානය කළේය.