දකුණේ ජාවාරම්කරුවන් මත්කුඩු සමගින් කොටු...?
දකුණු පලාතේ මහා පරිමානයෙන් මත්කුඩු ජාවාරමේ නිරත ''කොග්ගල්ල චන්ඩි ''නැමැත්තා සමගින් සැකකරුවන් 8 අටදෙනෙකු සමගින් රුපියල් ලක්ෂයක් වටිනා හෙරොයින් තොගයක් අම්බලන්තොට හා කොග්ගල්ල ප්‍රදේශයේදී හම්බන්තොට සුරාබදු නිලධාරීන් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් ළග තිබී හොරොයින් මිලි ග්‍රෑම් තුන්දාස් පන්සියයක් සොයා ගැනීමට සමත්වු බව හම්බන්තොට සුරාබදු අධිකාරී එම් .ජයන්ත සිල්වා මහතා පවසයි.
අත්අඩංගුවට ගත් ප්‍රධාන ඡාවාරම්කරු වන “කොග්ගල්ල චන්ඩි “ නැමත්තා අම්බලන්තොට , කොග්ගල්ල, වරාගොඩ, රිදියගම යන ප්‍රදේශවල කාලයක සිට හෙරොයින් බෙදාහැරිම සිදුකර ඇති බව සුරාබදු නිලධාරින් අනාවරණය කර ගෙන ඇත. අදාල සැකකරු ජංගම දුරකථන මගින් ඇනවුම් ලබාගෙන මුදල් ලබාගැනීමෙන් පසු තැන් තැන්වල හෙරොයින් සගවා තබා අදාල ස්ථානයෙන් ලබා ගන්නා ලෙස ගැණුම් කරුවන් සදහා තොරතුරු ලබා දෙන බවද සැකකරු ගෙන් ප්‍රශ්න කිරීමේ දී අනාවරණය කරගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අට දෙනාම අවුරුදු විස්සත් ,තිහත් අතර වයස් කාණ්ඩවල පසුවන්නන් අතර සියළුම සැකකරුවන් ගොවිතැන් කරමින් ජීවිකාව ගෙනයන අම්බලන් තොට ප්‍රදේශයේම පදිංචි කරුවන් බවට අනාවරණයකරගෙන තිබේ. සැකකරුවන් අටදෙනා අද (20) හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
දකුණු පළාත් භාර සහකාර සුරාබදු කොමසාරිස් චන්න විරක්කොඩි මහතාගේ උපදෙස් මත, හම්බන්තොට සුරාබදු අධිකාරි එම්.ජයන්ත.ද.සිල්වා මහතාගේ අධික්ෂණය යටතේ, හම්බන්තොට සුරාබදු ස්ථානාධිපති එච්.ඩබ්.ආර්.චින්තක මහතාගේ මෙහෙයවීමෙන්, සුරාබදු පරික්ෂක කසුන් ජයසුමන , සුරාබදු නියාමකවරුන් වන ලහිරු දේශප්‍රිය, ඉරේෂ් කාවින්ද, තේනුක වීරසිංහ,සහ සුරාබදු රියදුරු අජිත් ප්‍රසන්න යන නිලධාරිහු මෙම වැටලීම සිදු කළහ.