තීරුබදු නොගෙවූ විදේශිය මත්පැන් තොගයක් සුරාබදු නිළධාරීන්ට කොටු .....
තීරු බදු නොගෙවා මෙරටට ගෙන්වු රුපියල් ලක්ෂ තුනක්(300,000/=) වටිනා විදේශීය මත්පැන් තොගයක් සමගින් එක් සැකකරුවකු මාබෝල ප්‍රදේශයේදී දීපව්‍යාප්ත සුරාබදු විශේෂ මෙහෙයුම් කාර්යංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් විදේශීය මත්පැන් තොගයේ විස්කි, රම්, ජින් සහ වොඩ්කා වර්ග වලට අයත් විදේශීය මත්පැන් මිලි ලීටර 54,750 ක් ( බෝතල් 55 ක් ) තිබු බව සුරාබදු මාධ්‍ය ප්‍රකාශක ,සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පවසයි.
දීප ව්‍යාප්ත සුරාබදු කාර්යංශයට ලද මහජන තොරතුරකට අනුව ව්‍යාජ ගැනුම් කරුවකු යොදා විදේශීය මත්පැන් මිලදී ගන්නා මුවාවෙන් මත්පැන් තොගය සමගින් සැකකරු කොටුකර ගැනිමට සුරාබදු නිලධාරීන් සමත්වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වත්තල ප්‍රදේෂයේ පදිංචි පුද්ගලයෙකු බවට සනාථවී තිබේ. අදාල සැකකරු ඉදිරියේදී වත්තල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි ,සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ යන මහත්වරුන්ගේ උපදෙස් මත,සුරාබදු අධීකාරි එච්. එච්. ඩී. ජයවර්ධන මහතාගේ අධීක්ෂණය යටතේ, දීපව්‍යාප්ත සුරාබදු විශේෂ මෙහෙයුම් කාර්යාංශයේ ස්ථානාධිපති,ප්‍රධාන සුරාබදු පරික්ෂක ප්‍රිමේෂ් ප්‍රනාන්දු මහතාගේ මෙහෙයවිමෙන්, සුරාබදු පරීක්ෂක එස්. කේ. රාජපක්ෂ , සුරාබදු කෝප්‍රල්වරුන්වන 820 සිසිල්, 828 හර්ෂ, 997 නිලන්ත යන නිලාධාරිහු මෙම වැටලිම සිදු කළහ.
න් විසින් මෙම වැටලිම සිදු කරන ලදි.