හෝටල් ,ආපනශාලා හා තැබෑරුම් වසයි...තානායම් හා රටබීම හල් නියමිත වෙලාවට ....
දිවයින පුරා ඇතිවී තිබෙන කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය උපදෙස් වලට අනුව මේ මස 01 වැනි දින සිට හෝටල් ,සිනමා ශාලා ආපනශාලා ,සමාජ ශාලා මත්පැන් තැබෑරුම් මාර්ගෝපදේශ අනුව නැවත දැණුම් දෙන තුරු ක්‍රියාමත්මක නොකළ යුතු බව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා නියෝගයන් නිකුත් කොට තිබේ.
ඒ අනුව සුරාබදු ර.බි. 08 හෝටල් පීඨිකා බලපත්‍ර , ර.බි. 09 සිනමාශාලා බලපත්‍ර , ර.බි. 11 ආපනශාලා බලපත්‍ර , ර.බි. 13 සමාජශාලා බලපත්‍ර, සුරාබදු .ර.බි. 05 විදේශ මත්පැන් තැබෑරුම් හාරා තැබෑරුම් ර.බි. 22B බලපත්‍ර නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මක නොකල යුතු කාණ්ඩයට ඇතුළත් වන බව සුරාබදු මාධ්‍ය ප්‍රකාශක,සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පවසයි.
නමුත් ර.බි. 04 බලපත්‍ර ලත් ස්ථාන වන (වයින් ස්ටෝර්ස් ) හා ර.බි. 22A බලපත්‍ර නියමිත වේලාවන් තුල පමණක් ක්‍රියාත්මක කල හැකිය.
ඊට අමතරව ර.බි. 12 තානායම් හා ර.බි. 07 හෝටල් බලපත්‍ර නේවාසික සංචාරකයින්ගේ පහසුව සඳහා රාත්‍රී 10.00 දක්වා පමණක් ක්‍රියාත්මක කල හැකි වන අතර
උක්ත මාර්ගෝපදේශ වහාම ක්‍රියාත්මක වන පරිදි බලාත්මක වන අතර, ඒවා සෞඛ්‍ය ආරක්ෂක මාර්ගෝපදේශයන් සපුරමින් ඊට සමගාමීව ක්‍රියාත්මක කල යුතුබවද කපිල කුමාරසිංහ මහතා වැඩි දුරටත් පැවසුවේය.