සමාජ මාධ්‍ය ඔස්සේ සංවිධානය කර තිබූ මත්පැන් සාදයක් කොටු ....

srilanka exercise capila kumarasingha
By Nimal May 06, 2021 08:27 AM GMT
Nimal

Nimal

Report

 කොරෝනා වසංගත සමයේ සෞඛ්‍ය උපදෙස් වලට පටහැනිව නීති විරෝධී ලෙස ෆේස්බූක් සමාජ ජාලය ඔස්සේ සංවිධානය කර තිබූ මත්පැන් සාදයක් අහංගම ප්‍රදේශයේ දී වටලා රුපියල් එක්ලක්ෂ පනස්දහසක් (150 000/-)වටිනා මත්පැන් තොගයක් සමගින් සැකකරුවකු කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.

ෆේස් බුක් සාදය සදහා සහභාගිවන්නන්ගෙන් රුපියල් දෙදහසක ප්‍රවේශපත්‍රයක් ලබාගෙන අදාල අවන්හලට ඇතුළු විය යුතුවෙයි. මේ සදහා නව යොවුන් වියේ තරුණ තරුණියන් සහභාගිවී සිටි බවද සුරාබදු මාධ්‍ය ප්‍රකාශක ,සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පවසයි.

සුරාබදු බලපත්‍රයක් නොමැතිව හා නිරෝධායන නීති උල්ලංගණය කරමින් ‍ සැකකරුවකු සමග දේශීය හා විදේශීය මත්පැන් විශාල ප්‍රමාණයක් ඉතා වැඩි මිලට අදාල තරුණ තරුණියන් සදහා අලෙවි කර ඇති බවද අනාවරණය වී තිබේ.

මෙම සැකකරු විසින් සාදය සංවිධානය කර තිබුනේ කොරෝනා වසංගත තත්වය උත්සන්න වෙමින් පවතින හා රජය විසින් සාද පැවැත්වීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති පසුබිමක වීම විශේෂත්වයකි.

සාදය සදහා තෝරාගෙන තිබූ ස්ථානය මුහුදු බඩ ප්‍රදේශයක පවත්වාගෙන යන සුරාබදු බලපත්‍ර නොමැති අවන්හලක් වන අතර විදේශිකයින් හා නව යොවුන් වියේ පසුවන පිරිස් විශාල වශයෙන් මෙම සාදය සදහා සහභාගී වී සිටි අතර මොවුන් සමාජ දුරස්ථභාවය හෝ ආරක්ෂිත ක්‍රමෝපායන් කිසිවක් සැලකිල්ලට නොගනිමින් සාදය තුළ හැසිරුනු දක්නට ලැබුණි.

සැකකරු අහංගම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 28ක තරුණයක් වන අතර සුරාබදු බලපත්‍රයක් නොමැතිව මත්පැන් විකිණීම හා විකිණීම සදහා මත්පැන් ලග තබා ගැනීම යන චෝදනා මත අත්අඩංගුවට ගැනීමෙන් පසු සුරාබදු ඇප මත මුදා හැර ඇති අතර ඉදිරියේදී ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

සුරාබදු කොමසාරිස් ජනරාල් ජනරාල් එම්.ජේ .ගුණසිරි , සුරාබදු කොසමසාරිස් (නීති ක්‍රියාත්මක කිරීම්) කපිල කුමාරසිංහ යන මහත්වරුන්ගේ උපදෙස් මත , කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් කාර්යාංශයේ අධිකාරී චන්න වීරක්කොඩි මහතාගේ අධීක්ෂණය යටතේ ,සුරාබදු විශේෂ මෙහෙයුම් කාර්යාංශයේ ස්ථානාධිපති, ප්‍රධාන සුරාබදු පරීක්ෂක ප්‍රිමේෂ් ප්‍රනාන්දු මහතාගේ මෙහෙයවීමෙන්, සුරාබදු පරීක්ෂක අකිල රත්මලවින්න ,සුරාබදු කෝප්‍රල්වරුන් වන 773 සුදත් 637 වීරසිංහ, 820 සිසිල්, 828 හර්ෂ, 922 සංජය 997 නිලන්ත, සුරාබදු නියාමක 1141 රමිත, රියදුරුන් වන හේරත් සහ අනුර යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.