1913 මෙහෙයුම් මැදිරිය අද සිට ක්‍රියාත්මකයි.

srilanka Exercise copilakumarasigha
By Nimal May 05, 2021 08:36 AM GMT
Report

 සුරාබදු දෙපාර්තුමේන්තුව මගින් ස්ථාපිත 1913 මෙහෙයුම් මැදිරිය අද සිට නැවත ක්‍රියාත්මක කොට ඇතැයි සුරාබදු මාධ්‍ය ප්‍රකාශක ,සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පවසයි.

ඒ අනුව දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සිදුවන සුරා අපරාධ, මත්ද්‍රව්‍ය අපරාධ සහ දුම්කොළ අපරාධ සම්බන්ධ පැමිණිලි සුරාබදු දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් මැදිරිය හා සම්බන්ධිත අංක 1913 දුරකථනය වෙත නැවත සාමාන්‍ය පරිදි පැය 24 පුරාවටම යොමු කිරීමට මහජනතාවට අවස්ථාව උදාකර දී තිබේ.

පසුගිය දිනවල ඇතිවු කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ සෞඛ්‍ය ආරක්ෂක පියවරයක් අනුගමනය කිරීමට සිදුවීම හේතුවෙන් තාවකාලිකව වසා තබන ලද ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවට අයත් අංක 353කෝට්ටේ පාර, රාජගිරිය, ලිපිනයේ පිහිටි සුරාබදු මූලස්ථානයේ ස්ථාපිත සුරාබදු මෙහෙයුම් මැදිරිය නැවත විවෘත කර තිබෙන අතර සුරා අපරාධ සම්බන්ධයෙන් මෙහිදී තොරතුරු ලබාදෙන්නන්ගේ රහස්‍ය භාවය රකින බවද කපිල කුමාරසිංහ මහතා වැඩි දුරටත් පැවසුවේය..