විදේශීය සිගරැට් තොගයක් කැළණියේදී අත්අඩංගුවට ...

srilanka Exercise capila kumarasingha kalaniya
By Nimal May 03, 2021 12:13 PM GMT
Nimal

Nimal

Report

 කැළණිය ප්‍රදේශයේ කළ සෝදිසි මෙහෙයුමකදී තීරු බදු නොගෙවා මෙරටට ගෙන්වු රුපියල් ලක්ෂ විස්සක් (2,0 00,000/=) ක් වටිනා විදේශීය සිගරැට් තොගයක් සමගින් සැකකරුවන් හතර දෙනෙකු ජාඇල සුරාබදු නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සිගරැට් තොගයේ විදේශීය රටක නිෂ්පාදිත බදු නොගෙවු සිගරැට් කාටුන් 150 ක් තිබු බව සුරාබදු මාධ්‍ය ප්‍රකාශක ,සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පවසයි.විදේශීය සිගරැට් තොගයක් කැළණියේදී අත්අඩංගුවට ... | Srilanka Exercise

සැකකරුවන් මුහුදු මගින් විදේශීය සිගරැට් මෙරටට ගෙන්වා ගෙන ජාඇල පෑලියගොඩ හා රාත්‍රී සමාජ ශාලා , හෝටල් කැරෝකී ආපනශාලා වලට කාලයක් තිස්සේ ඉතා සුක්ෂම අයුරින් බෙදා හරින බවට සැකකරුවන් ගෙන් ප්‍රශ්න කිරීමේදී තොරතුරු අනාවරණය වී තිබේ

අත්අඩංගුවට ගත් සැකකරුවන් හතර දෙනා කැළණිය, වත්තල හා ජා-ඇල ප්‍රදේශයන්හි පදිංචි‍ අවුරුදු 22, 30,42, 50යන වයස් වල පසුවන අය බවද සැකකරුවන් පිළිබද වැඩිදුර පරීක්ෂණ පවත්වන බවද ජාඇල සුරාබදු ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරීක්ෂක වජිර විජේසිංහ මහතා පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 05 වන බදාදා ගම්පහ සහකාර සුරාබදු කොමසාරිස් උපුල් කුමාර මහතා වෙත ඉදිරිපත් කොට දඩුවම් නියම කිරීමට නියමිතය.

බස්නාහිර පලාත් ( III ) සහකාර සුරාබදු කොමසාරිස් උපුල් කුමාර මහතාගේ උපදෙස් මත, ජා-ආල වැඩ බලන සුරාබදු අධිකාරී ඉන්ද්‍රනාත් මහතාගේ අධීක්ෂණය යටතේ ,ජා-ආල සුරාබදු ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරීක්ෂක වජිර විජේසිංහ මහතාගේ මෙහෙයවීමෙන්, සුරාබදු පරීක්ෂක කැකුලන්දර, සුරාබදු සැරයන් 938 ශ්‍රියන්ත හේරත්, සුරාබදු නියාමකවරුන් වන 1062 බුද්ධික, 1122 ධනුක, 1206 සමීර හා සුරාබදු රියදුරු රවීන්ද්‍ර යන නිලධාරිහු මෙම වැටලීම සිදු කළහ..