රාත්‍රී 10.00 වැසුවේ නැත්නම් වැඩ වරදී ...
රටෙ පවතින කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්තුමන් ඊයේ ( 01)නිකුත් කරන ලද අංක 409 / 2021 දරන නිවේදනය ප්‍රකාරව සියඵම සුරාබදු බලපත්‍රලාභීන් රාත්‍රී 10.00 න් පසු මත්පැන් අලෙවිය නැවත දණුම්දෙනතුරු තහනම් කොට ඇතැයි සුරාබදු මාධ්‍ය ප්‍රකාශක ,සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පවසයි.
Pubs සහ Bars, කැසිනෝ සහ රාත්‍රී සමාජ ,හෝටල්, තානායම් හා ආගන්තුක නිවාස සඳහා නිකුත් කර ඇති මත්පැන් විකිණීම සඳහා වූ සුරාබදු බලපත්‍ර ලත් සියළුම ස්ථාන සදහා මෙම නියෝගය සදහා බලපැවැත්වේ.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කරන ලද කොවිඩ් මර්ධන මාර්ගෝපදේශ අනුව කටයුතු කිරීමටත්, ඉහතින් සඳහන් කරන ලද ස්ථාන වලට අමතරව තැබෑරුම් ද වසා තැබීමටත්, සෙසු මත්පැන් විකිණීම සඳහා වූ සුරාබදු බලපත්‍ර නියමිත වේලාවන් තුළ පමණක් විවෘතව තැබීමටත් වගබලාගත යුතුවෙයි.
මොනයම් කරුණක් සදහාවත් රාත්‍රී 10.00 යෙන් පසු විවෘතව තැබිය නොහැකිවන අතර අදාල කරුණු සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමේදී යම් ගැටඵවක් පැනනැගුන හොත් 077-260-2842 යන දුරකථන අංකය ඹස්සේ සුරාබදු කොමසාරිස් (නීති ක්‍රියාත්මක කිරීමේ) කපිල කුමාරසිංහ මහතා ඇමතිය යුුතුවෙයි.