නව දුරකථන අංක වලට තොරතුරු ලබා දෙන්න ... ලබා දෙන්නාගේ රහස්‍යභාවය රකී...
වත්මන් කොවිඩ් 19 වංසගත තත්ත්වය හේතුවෙන් සුරාබදු දෙපාර්තුමේන්තුවේ 1913 මෙහෙයුම් මැදිරිය වෙත යොමු කරනු ලබන මහජන පැමිණිළි මින් ඉදිරියට 071 81 22 333, 071 440 9288 , 072 208 75 84 ,071 702 61 58 , 071 634 52 91 , 071 310 850 7 , 075 23 27 483 යොමු කරන ලෙස සුරාබදු මාධ්‍ය ප්‍රකාශක ,සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පවසයි.
අංක 353 , කෝට්ටේ පාර,රාජගිරිය ලිපිනයේ පිහිටි ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ ස්ථාපනය කර ඇති සුරාබදු මෙහෙයුම් මැදිරියේ ක්‍රියාත්මක වු 1913 දුරකථන අංකය මැයි මස 03 දින දක්වා ක්‍රියාත්මක නොවන අතර අදාල දුරකථන අංකය වෙනුවට නව දුරකථන අංක ක්‍රියාවට නංවා තිබේ.
මෙහිදී දෙමල මාධ්‍යයෙන් තොරතුරු ලබාදෙන්නේ නම් 07179 54 729 යන දුරකථන අංකට තොරතුරු ලබා දෙස ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.
මත්පැන් ,මත්ද්‍රව්‍ය ඇතුළු සුරා අපරාධ වෙනුවෙන් මහජනතාව තොරතුරු ලබා දෙන්නේනම් ,තොරතුරු ලබා දෙන්නන්ගේ රහ්‍යභාවය රකින බවද කපිල කුමාරසිංහ මහතා වැඩිදුරටත් පැවසුවේය.