වන්නි පලුගොල්ලෑව ප්‍රදේශයෙන් මත්පැන් නිෂ්පාදනාගාරයක් කොටු ....
අනුරාධපුර, වන්නි පලුගොල්ලෑව ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී ඉතා රහසිගතව පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා රුපියල් පනස්දහයක් ( 50,000/= ) වටිනා මත්පැන් තොගයක් සමගින් එක් සැකකරුවකු ඊයේ (28)කැබිතිගොල්ලෑව සුරාබදු නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් මත්පැන් තොගයේ කසිප්පු මිලි ලීටර 4,500 ක් ,දගර ඇතුළු උපකරණ සොයා ගත් අතර එහි තිබු උණු ගෝඩා සියල්ල විනාශ කළ බව සුරාබදු මාධ්‍ය ප්‍රකාශක ,සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පවසයි. කැබිතිගොල්ලෑව සුරාබදු ස්ථානයේ නිළධාරීන්ට මහජනයාගෙන් ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කිරීමට සමත්වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 35 ක පමණ වන්නි ,පලුගොල්ලෑව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු බවට හඳුනාගෙන තිබේ. අදාල සැකකරු සුරාබදු ඇප මත මුදා හැර ඇති අතර මැයි මස 21 වන සිකුරාදා අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
උතුරු මැද පළාත් සහකාර සුරාබදු කොමසාරිස් සුමේධ වසන්තසිරි මහතාගේ උපදෙස් මත, අනුරාධපුර සුරාබදු අධිකාරි එස්.කේ. වනිගතුංග මහතාගේ අධික්ෂණයෙන් කැබිතිගොල්ලෑව සුරාබදු ස්ථානාධිපති අසාද් ,සුරාබදු පරික්ෂක ගමගේ , සුරාබදු නියාමකවරුන්වන 1045 චාමර ,1050 සමීර, 1125 චානුක, 1211 චතුරංග සහ රියදුරු ප්‍රියන්ත යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.