ඇඳිරිනීතිය පැවතියත් සේවාවන් මේ අයුරින් ....

srilanka castam sudathta silwa
By Nimal Aug 29, 2021 09:34 AM GMT
Nimal

Nimal

Report

 නිරෝධායන ඇඳිරිනීති කාල සීමාව තුළ ශ්‍රී ලංකා රේගුව තම සේවා වන් සාමාන්‍ය පරිදි පවත්වා ගෙන යාම නිසා පසුගිය දින 7 තුළ සිදු කරන ලද සියලුම ආනයන සහ අපනයන සාමාන්‍ය පරිදි නිෂ්කාශනය කිරීම සහ අනුමත කිරීම සිදු කර තිබේ. විශේෂයෙන්ම මෙම කාලය තුළ ශ්‍රී ලංකා රේගුවේ අපනයන පහසුකම් මධ්‍යස්ථානය පැය 24 පුරා පවත්වා ගනිමින් මෙරටින් නැව් මගින් සිදු කරන ලද සියලු අපනයන කිසිදු ප්‍රමාදයකින් තොර ව ක්‍රියාත්මක කෙරේ.

තවද, මෙම කාලය තුල දේශීය පරිභෝජන සඳහා ආනයනය කරන ලද සියලු අත්‍යවශ්‍ය ආහාර, බෙහෙත් සහ වෛද්‍ය උපකරණ වැනි ද්‍රව්‍ය දේශීය වෙළඳපොළට කඩිනමින් නිදහස් කිරීමට ශ්‍රී ලංකා රේගුව කටයුතු කර ඇත මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා මහතා පවසයි.

. ශ්‍රී ලංකා රේගුවේ ස්වයංක්‍රිය රේගු දත්ත ගබඩාවේ සටහන් වූ දත්ත අනුව මෙම මස 14 වන දින සිට 20 වන දින දක්වා නිරෝධායන ඇඳිරි නීතිය නො පැවති දින 7 ක කාලය තුළ රුපියල් බිලියන 54.25 වටිනා පූර්ණ දේශීය නිෂ්පාදන සහ ආයෝජන මණ්ඩලය යටතේ ක්‍රියාත්මක කර්මාන්ත විසින් සිදු කරන ලද අපනයන ශ්‍රී ලංකා රේගුව විසින් අනුමත කර ඇති අතර නිරෝධායන ඇඳිරි නීතිය පැවති දින 7 ක කාලය තුළ රුපියල් බිලියන 49.24 වටිනා පූර්ණ දේශීය නිෂ්පාදන සහ ආයෝජන මණ්ඩලය යටතේ ක්‍රියාත්මක කර්මාන්ත විසින් සිදු කරන ලද අපනයන ශ්‍රී ලංකා රේගුව විසින් අනුමත කරන ලදි. තවද, මෙම මස 14 වන දින සිට 20 වන දින දක්වා නිරෝධායන ඇඳිරි නීතිය නො පැවති දින 7 ක කාලය තුළ රුපියල් බිලියන 9.02 ක්‌ ආනයන බදු වශයෙන් ශ්‍රී ලංකා රේගුව විසින් එකතු කර ඇති අතර මෙම මස 21 වන දින සිට 27 වන දින දක්වා නිරෝධායන ඇඳිරි නීතිය පැවති දින 7 ක කාලය තුල රුපියල් බිලියන 7.45 ක්‌ ආනයන බදු වශයෙන් ශ්‍රී ලංකා රේගුව විසින් එකතු කරන ලදි.

මෙරට දැනට පවතින වසංගත තත්ත්වය මගින් ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් හට සැලකිය යුතු බලපෑමක් කර ඇතත් රටේ ආර්ථික ස්ථායිතාව ආරක්ෂා කර ගැනීමේ අරමුණින් සෞඛ්‍ය උපදෙස් දැඩිව අනුගමනය කරමින් රේගු සේවා වන් සාමාන්‍ය පරිදි පවත්වා ගෙන යාමට රේගු අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් විජිත රවිප්‍රිය මහතා ප්‍රමුඛ සියලු රේගු නිලධාරීන් කටයුතු කරනු ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....
join now


ReeCha