බිලියන 9 ක් වටිනා විදේශීය දුම්වැටි තොගයක් රේගු දැලේ ...
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ප්‍රතිඅපනයනය කිරීමේ මුවාවෙන් මෙරටට ආයනයනය කර තිබු බහාලුම් 21 තිබී රුපියල් බිලියන 9 ක් වටිනා විදේශීය දුම්වැටි තොගයක් රේගු නිලධාරින් අත්අඩංගුවට ගෙන ඇත.
අන්තරාල වෙළදාම (Entrepôt Trade -එන්ට්‍රෙපොට් ට්‍රේඩ්)යටතේ නැවත ප්‍රතිඅපනය කිරිමේ මුවාවෙන් මෙරටට ආනයනය කරල ලද බහාලුම් 21 සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුවේ අනුගත වීමේ සහ පහසුකම් සැලසීමේ අංශය (Compliance and Facilitation Division)අත්අඩංගුවට ගත් දුම්වැටි බහාලුම් තොගය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයිද රේගු මාධ්‍ය ප්‍රකාශක,නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා මහතා පවසයි.
අදාල බහලුම් තොගයේ තිබී විදේශීය දුම්වැටි මිලියන 200 ක් සොයාගැනීමට රේගු නිලධාරීන් සමත්වී ඇත.
එක්සත් ආරබි රාජ්‍යයේ සිට මෙරටට ආනයනය කර ඇතිඅතර අන්තරාල වෙළදාම යටතේ ඒවා නෙදර්ලන්තය ,ජර්මනිය,එක්සත් රාජධානිය සදහා සාවද්‍ය නැවුභාර පත්‍රයක් සකස් කර තිබු අතර එහි භාණ්ඩ විස්තරය ''සිලොන් බ්ලැක් ටී'' වශයෙන් සදහන් කර ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ තේ අපනයනය කරන සමාගමක මුවාවෙන් මෙම ජාවාරම සිදු කිරීමට කටයුතු කර තිබු බවද සුදත්ත සිල්වා මහතා පවසයි.
අදාල ජාවාරම් කරු දැනටමත් මේ ආකාරයට සාවද්‍ය ලෙස බහාලුම් 12 ක් බෙල්ජියම ,නෙදර්ලන්තය ,ජර්මනිය ,ප්‍රංශය ,එක්සත් රාජධානිය සහ බංගලාදේශය යන රටවලට යවා ඇති බවට ආනයන කරුවන්ගෙන් විමසීමේදී රේගු නිලධාරීන් තොරතුරු සනාථ වි තිබේ. අදාල සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව සහ ජාත්‍යන්තර රේගු සංවිධානය එක්ව විමර්ශන කටයුතු සිදු කෙරේ.
රේගු අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී.වී රවිප්‍රිය මහතාගේ උපදෙස් මත,රේගු අධ්‍යක්ෂ හර්ෂ ජයතිලක ,නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂකවරුන්වන දප්පුල ආරෙවත්ත,විජේරන්න බණ්ඩාර යන මහත්වරුන්ගේ මග පෙන්වීම යටතේ ,රේගු අධිකාරිවරුන්වන සංජය රවීන්ද්‍ර ,ලාල් විරකෝන්,යු.ඩී.එම්.ඹ්දීපානි,නියෝජ්‍ය රේගු අධිකාරී මංජුල ප්‍රසාද්,සහ කාර රේගු අධිකාරීවරුන්වන ප්‍රවීන් ඉන්ද්‍රනාම,අමිල සංජීව,සම්මාන සමරසේකර ,භාතිය කුමාරසිරි , එස්.මද්දුමගේ ,අවිදු රාජපක්ෂ යන මහත්වරු මෙම වැටලීම සිදු කළහ.