මිලියන 60 ක කොකේන් තොගයක් රේගු දැලේ.....
කටාර් ගුවන් සේවයේ QR664 දරන ගුවන් යානයෙන් කටාර් රාජ්‍යයේ දෝහා නගරය හරහා කෙන්යාවේ නයිරෝබි නුවර සිට ශ්‍රී ලංකාවට පැමිණි දකුණු අප්‍රිකානු ජාතිකයෙකු ගේ ගමන් බෑගයේ තිබී රුපියල් මිලියන 60 ක් වටිනා කොකෙන් තොගයක් සමගින් අප්‍රිකානු ජාතිකයා රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් අද පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට මගියාගේ පෞද්ගලික භාණ්ඩ පරීක්ෂා කිරීමේ ගමන් බෑගයක තිබූ ෂැම්පු බෝතල දෙකක් තුළ සූක්ෂ්ම ලෙස සඟවා තිබූ පාර්සල් තුනක තිබී කොකේන් නමැති මත් ද්‍රව්‍යය කිලෝ 2 යි ග්‍රෑම් 29 ක් සොයා ගැනීමට හැකි වු බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුදත්ත සිල්වා මහතා පවසයි.
මූලික පරීක්ෂණ කටයුතු ශ්‍රී ලංකා රේගුවේ මත් ද්‍රව්‍ය පාලන ඒකකය විසින් සිදු කිරීමෙන් අනතුරුව මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ශ්‍රී ලංකා පොලිස් මත් ද්‍රව්‍ය කාර්යාංශය වෙත ලබා දීමට නියමිතයි.
ලෝකය පුරා පවතින වසංගත තත්වය හමුවේ වුවද ශ්‍රී ලංකා රේගුවේ මත් ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් දැඩි කැපවීමකින් ශ්‍රී ලංකාවට පැමිණෙන මගින් පිළිබඳ ව අවධානයෙන් සිටීමේ ප්‍රතිඵලයක් ලෙස අදාල කොකෙන් තොගය අත්අඩංගුවට ගැනීමට හැකිවු බවද සුදත්ත සිල්වා මහතා වැඩි දුරටත් පැවසුවේය.