අෆ්ලටොක්සින් රසායනිකය අඩංගු වූ පොල්තෙල් අද රාත්‍රීයේ ප්‍රතිඅපනයනයට ...
පුද්ගලික සමගම විසින් ආනයනය කර තිබූ පිරිපහදු නොකල අෆ්ලටොක්සින් නමැති රසායනිකය අඩංගු වූ පොල් තෙල් මෙට්‍රික් ටොන් 230 ක් ශ්‍රී ලංකා රේගුවේ පූර්ණ අධීක්ෂණය ඊයේ රෑ මෙරටට පැමිණි එවර් එතික් නමැති නෞකාවට අද දින පැටවූ අතර එම නෞකාව අද දින රාත්‍රි 9 ට පමණ කොළඹ වරායෙන් මැලේසියාව බලා පිටත් වීමට නියමිත බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුදත්ත සිල්වා මහතා පවසයි..
අදාල පුද්ගලික සමාගම මෙරටට ගෙන්වා අඩි 20 සේ බහාලුම් 12 කට පටවා අප්‍රේල් මස 30 වන දින ප්‍රතිඅපනයනය සඳහා කොළඹ වාරයේ SAGT පර්යන්තය වෙත ගෙන එනු ලැබුවා.
පසුගිය දිනවල ඉමහත් ආන්දෝලනයට ලක් වූ අනුමත ප්‍රමාණයට වැඩියෙන් අෆ්ලටොක්සින් නමැති රසායනිකය අඩංගු වූ සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර පාලන ඒකකය විසින් සහ ප්‍රමිති ආයතනය විසින් ප්‍රතික්ෂේපිත පිරිපහදු නොකල පොල් තෙල් තොගයක් ප්‍රතිඅපනයනය කිරීමට ශ්‍රී ලංකා රේගුව අද පියවර ගනු ලැබු බවද සුදත්ත සිල්වා මහතා වැඩි දුරටත් පැවසුවේය.