පිරිපහදු නොකල පොල් තෙල් තොගයක් ප්‍රතිඅපනයනයට ....

srilanka castam malesiyawa sudantha silwa
By Nimal May 02, 2021 12:06 PM GMT
Nimal

Nimal

Report

. මෑතක දී දැඩි කතාබහට ලක් වූ අනුමත ප්‍රමාණයට වැඩියෙන් අෆ්ලටොක්සින් නමැති රසායනිකය අඩංගු ආනයනය කල පිරිපහදු නොකල පොල් තෙල් තොගයක් ප්‍රතිඅපනයනය කිරීමට ශ්‍රී ලංකා රේගුව පියවර ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුදන්ත සිල්වා මහතා පවසයි.

පුද්ගලික සමගමක් විසින් ආනයන කර තිබූ සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර පාලන ඒකකයේ සහ ප්‍රමිති ආයතනයේ අනුමැතිය ප්‍රතික්ෂේප වූ පිරිපහදු නොකල පොල් තෙල් මෙට්‍රික්‌ ටොන් 230 ඒවා මෙරටට ඒවා තිබූ මැලේසියාවේ පිහිටි සමාගම වෙත ප්‍රතිඅපනයනය කිරීම සඳහා කොළඹ වරාය වෙත රැගෙන එනු ලැබීය.

එම පිරිපහදු නොකල පොල් තෙල් තොගය ශ්‍රී ලංකා රේගුවේ පූරණ අධීක්ෂණය යටතේ ආනයන කරුගේ තෙල් ටැංකි වලින් අඩි විස්සේ බහාලුම් 12 කට පටවා කොළඹ වරායේ පිහිටි CICT පර්යන්තය වෙත ආරක්ෂිත ව ගෙනවිත් තිබේ.

එම බහාලුම් 12 මැයි මස 4 වන දින එනම් ලබන අඟහරුවාදා දින මෙරටට පැමිණීමට නියමිත ඒවර් එතික් නෞකාවේ පටවා මෙරටින් පිටත් කිරීමට නියමිත බවද රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් පැවසුවේය.