රුපියල් මිලියන 317 රන්රත් තොගයක් අත්අඩංගුවට ...
දෝහ කටාර් ගුවන් යානයකින් අද(30) පෙරවරුවේ පැමිණි මගියකු ගුවන් තොටුපලේ වැසිකිලියක් තුළදී ඉතා සුක්ෂම අයුරින් නඩත්තු සේවකයකු වෙත හුවමාරු කරමින් තිබු රුපියල් මිලියන 317 ක් වටිනා රත්රන් බිස්කට් හා ස්වර්ණාභරණ තොගයක් සමගින් සැකකරුවන් දෙදෙනකු රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් රත්රන් තොගයේ රත්රන් කිලෝ 26 ත් තිබු බවත් නඩත්තු සේවකයා එම රත්තරන් තොගය, තම ශරීරය තුළ සඟවා ගෙන, ගුවන් තොටුපලෙන් පිට කිරීමට සූදානම් ව සිටින අතරතුර, ඔහු අත්අඩංගුවට ගැනීමට හැකි ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක සුදත්ත සිල්වා මහතා පවසයි.
ශ්‍රී ලංකා රේගු මත් ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින්, දීර්ඝ කාලයක් තිස්සේ කරන ලද ආවේක්ෂණ රාජකාරියක වල ප්‍රතිඵලයක් ලෙස, ගුවන් තොටුපළ කාර්ය මණ්ඩලය යොදා ගෙන, රට තුළට රත්තරන් ජාවාරම් කිරීමේ උපක්‍රමයක් සොයා ගැනීමට හැකිවී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් පිළිබදව රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් වැඩි දුර පරීක්ෂණ පවත්වයි.