තුර්කිය හා ශ්‍රි ලංකාව අතර වෙළද ගිවිසුමක්....
ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර වෙළඳාම වැඩි දියුණු කිරීම සඳහා වූ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
මෙම වැඩ සටහන හදුන්වා දීමේ අතථ්‍ය රැස්වීමක් නැගෙනහිර ඇනටෝලියන් කලාපයේ ශ්‍රී ලංකාවේ නිර්වේතනික කොන්සල් ෆාති යූසලික් මහතාගේ ද සහාය ඇතිව, එර්සුරම් වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ සභාපති ලුට්ෆු යූසලික් මහතා සහ ශ්‍රී ලංකාවේ ජාතික වාණිජ මණ්ඩලයේ සභාපති නන්දික බුද්ධිපාල මහතා අතර පැවැත්විණ.
මෙම අතථ්‍ය රැස්වීමේ දී තානාපති එම්.ආර්. හසන් වෙළඳ මහතා සබඳතා වර්ධනය කිරීම පිණිසත්, සම්බන්ධතා ඇති කර ගැනීම සඳහා වූ ධනාත්මක මානසිකත්වය පිළිබඳවත්, මෙම වාණිජ මණ්ඩල දෙකවෙත සිය අවංක ප්‍රශංසාව පළ කළ තිබේ.
සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා අවබෝධතා ගිවිසුමකට එළඹීමේ හැකියාව පිළිබඳව සොයා බලන ලෙස ඔවුන්ට ආරාධනා කල බව විදේශ අමාත්‍යංශය පවසයි.
මෙම වාණිජ මණ්ඩල දෙකෙහි සභාපතිවරු සිය අදහස් දැක්වීමේ දී අතථ්‍ය අන්තර් ව්‍යාපාර ජාලකරණ සැසි සංවිධානය කිරීමට සහ තුර්කි හා ශ්‍රී ලාංකික සමාගම් සමඟ සම්බන්ධ වීම සඳහා උනන්දුවක් දැක්වූහ.තවද, දිගුකාලීන අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සඳහා ශ්‍රී ලංකාව සහ තුර්කි වාණිජ මණ්ඩලය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම පිළිබඳව ද උනන්දුවක් දැක්වූහ.
ජුනි මස මුල දී අදාළ වාණිජ මණ්ඩලවල සාමාජිකයින් සමඟ පසු විපරම් අතථ්‍ය අන්තර් ව්‍යාපාර රැස්වීමක් පැවැත්වීමට සභාපතිවරු දෙදෙනා එකඟ විය. නැගෙනහිර ඇනටෝලියන් කලාපයේ ශ්‍රී ලංකාවේ නිර්වේතනික කොන්සල් ෆාති යූසලික් මහතා ඔහුගේ අදහස් දැක්වීමේ දී, රටවල් දෙක අතර වැඩිදුර විභවයන් ගවේෂණය කිරීම සඳහා එකිනෙක සම්බන්ධ කිරීම පිළිබඳව වාණිජ මණ්ඩල දෙකට ප්‍රශංසාව පළ කළේය.
දූත මණ්ඩලයේ අමාත්‍ය උපදේශක (වාණිජ) යෝෂිතා ජයසූරිය මහත්මිය සහ ජාතික වාණිජ මණ්ඩලයේ මහලේකම් බන්දුල දිසානායක මහතා ද මෙම රැස්වීමට එක්
වූහ.