ශ්‍රී ලංකාවේ අපනයනය දිරි ගන්වන්න දකුණු අප්‍රිකාවේ ව්‍යපාරයෙන් ව්‍යාපාරයට හමුවීම් මාලාවක්....
ශ්‍රි ලංකාවේ අපනයන කරුවන්ට නව අවස්ථා උදා කර දීම සඳහා දකුණු අප්‍රිකාවේ ව්‍යාපාරයකින් ව්‍යාපාරයකට නව හමුවීම් මාලාවක් ආරම්භ කීරිම ඉකුත් සතියේ
සිදු කෙරුනු බව විදේශ අමාත්‍යංශය පවසයි..
පොල් නිෂ්පාදන, රබර් නිෂ්පාදන, රූපාලංකරණ හා ආයුර්වේද නිෂ්පාදන සහ විදුලි/විද්‍යුත් ස්ථාපන උපකරණ කෙරෙහි විශේෂ අවධානය සහිතව මෙම ව්‍යාපාරික හමු පැවැත්වීමට පහසුකම් සැපයීම පිණිස මහ කොමසාරිස් කාර්යාලය දකුණු අප්‍රිකාවේ ඩර්බන්හි මිනාරා වාණිජ මණ්ඩලය සමග අත්වැල් බැඳගනී .
දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකාවේ වාණිජ දෙපාර්තමේන්තුව සහ අපනයන සංවර්ධන මණ්ඩලය සමහ සහයෝගිතාවයෙන් පශ්චාත් කොවිඩ් නව සාමාන්‍ය තත්ත්වය තුළ ශ්‍රි ලංකාවේ අපනයන ඉහළ දැමීමේ අරමුණ ඇතිව මෙම වැඩ සටහන ආරම්භකර තිබේ.
කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් දකුණු අප්‍රිකානු කලාපය තුළ නිර්මාණය වූ ඉල්ලුම් සැපයුම් පරතරය පුරවාලීම මෙහි අරමුණයි. අන්තර්ජාලය ඔස්සේ පැවැත්වූ මෙහි පළමු රැස්වීම ඇග්‍රි ලංකා එන්ටප්‍රයිසස් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය චන්ද්‍රවංහ පතිරාජ, සිලෝන් එක්ස්පෝට් ඇන්ඩ් ට්‍රේඩිං පුද්ගලිස සමාගමේ දුල්හාරා ද අල්විස් මහත්මිය සහ දකුණු අප්‍රිකාවේ ෆ්‍රෙෂා ට්‍රේඩිං එන්ටර්ප්‍රයිස්හි අධ්‍යක්ෂ අරෂාණී මහත්මිීන් අතර පැවැත්වුණි.
ඉස්ලාමීය මූලධර්ම සහ ආචාර් ධර්මවලට අනුව කටයුතු කරන්නා වූ දකුණු අප්‍රිකානු ව්‍යාපාර සහ ව්‍යවසායන් නියෝජනය කරමින් හා ඒවාට අවශ්‍ය සහයෝගය ලබා දෙමින් උපාය මාර්ගික පාර්ශවකරු ලෙස මිනාරා වාණිජ මණ්ඩලය දකුණු අප්‍රිකාවේ අන්තර්ජාතික වෙළඳාමේදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි.
මිනාරාහි ප්‍රධාන කාර්යාලය ඩර්බන්හි ක්වාසුලු-නටාල්හි පිහිටා ඇති අතර කලාපීය කාර්යාලය ගවුටෙන්, ජොහැනස්බර්ග්හි පිහිටා තිබේ. දකුණු අප්‍රිකානු කලාපයේ විශාලතම භාණ්ඩ ප්‍රවාහන මධ්‍යස්ථානය වනුයේ ඩර්බන් වරාය බැවින්, අසල්වැසි රටවල් ද ආනයන හා අපනයන වෙළඳාම සඳහා මෙම වරාය යොදා ගනියි.
එබැවින් මෙම සහයෝගිතාව දකුණු අප්‍රිකාවේ පමණක් නොව අසල්වැසි රාජ්‍යයන් වන බොට්ස්වානා,ලෙසෝතෝ, එස්වාටිනි (ස්වාසිලන්තය), සැම්බියාව සහ සිම්බාබ්වේ යන රටවල ද නව වෙළඳපොළවල් සොයා ගැනීමට ඉවහල් වනු ඇත. එසේම, වෙළඳාම සඳහා වන දකුණු අප්‍රිකානු සංවර්ධන ප්‍රජාව (SADC) යටතේ පවතින රටවල් වෙත පිවිසුම වනුයේ ද ඩර්බන් වරායයි. දැනට ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර වෙළඳාම වාර්ෂිකව ඇඩො. මිලියන 250 සිට මිලියන 270 දක්වා වන අතර ඉන් විශාලතම කොටස වෙන්ව ඇතිතේ නොරොච්චෝලේ පිහිටි ලක්විජය විදුලි බලාගාරය වෙත ගල්අඟුරු සැපයීම සඳහාය.
තේ, ඇඟලුම්, ඝන හා වායව ටයර, පොල් නිෂ්පාදන, කුළුබඩු, රබර් සහ තවත් විවිධ නිෂ්පාදන ඇතුළුව ශ්‍රි ලංකාව සාමාන්‍යයෙන් වාර්ෂිකව ඇ.ඩො. මිලියන 40ක වටිනා භාණ්ඩ දකුණු අප්‍රිකාවට වාර්ෂිකව අපනයනය කරයි.