අය වැය තෙවන වර කියවීම සම්මතයි...

By Sithumi Dec 08, 2022 02:07 PM GMT
Report

2023 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද (08) පස්වරුවේ පැවැත්වුණි. එහිදී අයවැය ට පක්ෂව ඡන්ද 123ක් සහ විරුද්ධව ඡන්ද 80ක් හිමිවුණා. දෙමළ ජාතික සන්ධානය ඇතුළු උතුරේ දෙමළ දේශපාලන පක්ෂවල නියෝජිතයින් ඡන්දය ප්‍රකාශ කිරීමට සභාවට පැමිණ සිටියේ නැහැ. 

  මන්ත්‍රීවරුන් 02ක් ඡන්දය දීමෙන් වැළකී සිටියේය. එහිදී වැඩි ඡන්ද 41 කින් අයවැය තෙවන වර කියවීම සම්මත වුණා. මෙවර අයවැය නොවැම්බර් මස 14 වනදා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණි. 

අයවැය දෙවන වර කියවීමේ විවාදය පසුගිය නොවැම්බර් 15 වනදා සිට 22 වනදා දක්වා පැවැත්වීමෙන් අනතුරුව දෙවන වර කියවීමේ ඡන්ද විමසීම 22 වන දින පස්වරුවේ පැවැත්වුණා. 

 එහිදී මන්ත්‍රීවරු 121දෙනෙකු අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ අතර මන්ත්‍රීවරුන් 84 දෙනෙකු ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ අතර ඒ අනුව වැඩි ඡන්ද 37කින් අයවැය දෙවනවර කියවීම සම්මත වුණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now