ජෛව ආරක්ෂක බුබුලක් ලෙස ක්‍රියාත්මක වෙමින් නිෂ්පාදන ක්‍රියාවලිය අඛණ්ඩව ...

srilanka BOI SANJAYA MOHOTTALA
By Nimal May 13, 2021 11:24 AM GMT
Nimal

Nimal

Report

 කර්මාන්ත ශාලා අඛන්ඩව පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සහාය පවතින අවධානම් තත්ත්වය මත වුවද සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සේවක ආරක්ෂාව මත නිෂ්පාදන ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යාම ජාතික වගකීමක් ලෙස සලකන බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති සංජය මොහොට්ටාල මහතා පවසයි.

මේ සදහා අවශ්‍ය මාර්ගෝපදේශයන් හා පහසුකම් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් නිරතුරුව ලබා දෙන බවද සභාපතිවරයා පවසයි. කර්මාන්ත ශාලා පවත්වාගෙන යාමට අවශ්‍ය නවතම මාර්ගෝපදේශයන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ වෙබ් අඩවිය වන www.investsrilanka.com වෙත පිවිසීමෙන් හා විද්‍යුත් තැපෑල වන info@boi.lk මගින් ඕනෑම අවස්ථාවකදී ලබා ගත හැකිවෙයි.

පවතින සංචරණ සීමා යටතේ වුවද සිය නිෂ්පාදන නැව් ගත කිරීම, අමුද්‍රව්‍ය ආනයනය වැනි අත්‍යාවශ්‍ය කාර්යයන් බාධාවකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සම්පාදනය කර ඇත.

කොවිඩ්19 වෛරසය පෙර පැවති තත්ත්වයට වඩා මෙවර අවදානම ඉහල බැවින් කම්හල් තුළ ජෛව ආරක්ෂක බුබුලක් ලෙස ක්‍රියාත්මක වෙමින් නිෂ්පාදන කටයුතු සිදු කිරීමට මේ වන විටත් උපදෙස් ලබා දී ඇත. උපරිම සේවක ආරක්ෂාවක් මැද රෝගය පැතිරීම අවම මට්ටමේ පවත්වාගැනීම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අපේක්ෂාවයි.

දැඩි අවධානම් ප්‍රදේශවල පවතින කම්හල් සේවක සේවිකාවන් හට එන්නත් කරණයේදී ප්‍රමුඛතාවය ලබා දෙන ලෙස මේ වනවිටත් අදාල බළධාරීන්ගෙන් ඉල්ලා ඇතැයි සංජය මොහොට්ටාල මහතා පවසයි. ඒ අනුව නුදුරු දිනයකදී එම එන්නත් ලැබීමද සිදු වනු ඇත.