ශ්‍රීලංකන් ගුවන් සේවය බෝයිං සමඟ අවබෝධතා ගිවිසුමක් ......
srilanka
airport
vipula gunathilaka
By Nimal
ශ්‍රීලංකන් ගුවන් සේවය සහ ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රමුඛතම අභ්‍යවකාශ සමාගම වන බෝයිං සමාගම පසුගියදා කොළඹදී අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීය.
නව ගිවිසුම මගින් දෙපාර්ශවයටම ගුවන් යානා නඩත්තු කිරීම, ගුවන් යානා උපාංග නඩත්තු කිරීම, පුහුණුව සහ වෙනත් වාණිජ අවස්ථා සපුරා ගැනීමට හැකි වේ.
මෙම ගිවිසුම් අත්සන් කිරීම සඳහා ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී විපුල ගුණතිලක, ඉංජිනේරු අංශ ප්‍රධානී ෂෙවන්ත වීරසේකර සහ බෝයිං හි විකුණුම් අධ්‍යක්ෂ Kaanthi Bhuvanagiri යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.