මගී ගුවන් යානයයක් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් බවට පරිවර්ථනය කෙරේ.....

airlanka srilsnks sewantha werarathna
By Nimal May 14, 2021 08:34 AM GMT
Nimal

Nimal

Report

  ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ඉංජිනේරු හා නඩත්තු අංශය එක්සත් රාජධානියේ Avensis Aviation සමඟ උපායමාර්ගික සහයෝගීතාවයකට එළඹ තිබේ. ඒ අනුව එයාර්බස් A330 සහ A320 මගී ගුවන් යානා ගුවන් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා බවට පත්කිරීමට ශ්‍රීලංකන් ඉංජිනේරු අංශය නඩත්තු සේවා ,අලුත්වැඩියා සහ පිරිපහදු සේවා (MRO) සැපයීම ආරම්භ කර තිබේ.

මෙම සහයෝගීතාවයේ පළමු කටයුක්ත වූයේ FitsAir සඳහා එයාර්බස් A320 ගුවන් යානයක් ගුවන් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් බවට පරිවර්තනය කිරීමයි. එය මෑතකදී නියමිත වේලාවට හා නියමිත වූ පිරිවැය තුළ නිම කරන ලදී. ගුවන් සමාගමේ නඩත්තු හා ඉංජිනේරු අංශය EASA සහතිකලත් නඩත්තුව, මූලික නඩත්තුව සහ ඉංජිනේරු වැඩපළ සඳහා ද EASA සහතිකය හිමිකරගෙන තිබේ. මෙය ගුවන් යානා වෙනස් කිරීම හා භාණ්ඩ ගුවන් යානා බවට පරිවර්තනය කිරීමට අදාල නඩත්තු කටයුතු සිදුකිරීමට විදේශීය ගුවන් සමාගම් ශ්‍රී ලංකාව වෙත ආකර්ෂණය කර ගැනීමට මෙය ඉතා හොද උපායමාර්ගික ක්‍රියාවකි.මගී ගුවන් යානයයක්  භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් බවට පරිවර්ථනය කෙරේ..... | Srilanka Airlanka

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඉංජිනේරු අංශ ප්‍රධානී ෂෙවන්ත වීරසේකර මහතා මෙසේ පැවසීය. “කෝවිඩ් වසංගතය හේතුවෙන් මගී ගමන් සීමා කිරීමත් සමඟ බොහෝ ගුවන් සමාගම් සහ ගුවන් යානා කල්බදු සමාගම් ඔවුන්ට අයත් මගී ගුවන් යානා භාණ්ඩ ප්‍රවාහනය කරන ගුවන් යානා බවට පරිවර්තනය කරමින් සිටිනවා.මගී ගුවන් යානයයක්  භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් බවට පරිවර්ථනය කෙරේ..... | Srilanka Airlanka

ශ්‍රීලංකන් ගුවන් සේවය මේ වන විටත් තමන්ගේම ගුවන් යානයක් ගුවන් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් බවට පරිවර්තනය කර ඇති නිසාම මෙම සේවාව බාහිරව ලබා දීමට විශේෂ වූ දැනුමක් තියෙනවා.

භාණ්ඩ පරිවර්තන වෙළඳපොළ වේගයෙන් වර්ධනය වෙමින් තියෙනවා . ඒම නිසා අපි නියම වේලාවට මේ සඳහා යොමු වුණේ. නවීකරණ අනුමත කිරීම් සහ ගනුදෙනුකරුවන් වෙත ළඟා වීමට Avensis Aviation අපට වඩාත් සුදුසු සහකරුවෙකු වෙයි. ” යනුවෙන් ඒ මහතා වැඩිදුරටත් පැවසීය. Avensis Aviation හි ව්‍යාපාර සංවර්ධන අධ්‍යක්ෂ රුබින් ෆ්ලවර් මහතා සඳහන් කළේ සැහැල්ලු ‘LEVIS’ සිට ‘NAVIS’ පූර්ණ ගුවන් භාණ්ඩ පරිවර්තනය සඳහා EASA අනුමත කරන ලද වෙනස් කිරීම් හරහා නව්‍යකරනය කිරීම් සඳහා Avensis Aviation විසඳුම් ලබා දෙන බවයි.