ශ්‍රීලංකන් ගුවන් සේවය දේශීය සංචාරක ව්‍යාපාරය නගා සිටුවීම ට ....

srilanka tuwarisam airlanka
By Nimal Apr 20, 2021 10:13 AM GMT
Nimal

Nimal

Report

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ශ්‍රීලංකන් හොලිඩේස් අංශය දේශීය සංචාරක ව්‍යාපාරය නගා සිටුවීම සහ දෙස් විදෙස් සංචාරකයින්ට පහසුකම් සැලසීමේ අරමුණින් සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් වන Uga Escapes, Walkers, සහ Taru Villas සමඟ පසුගියදා අත්වැල් බැඳගන්නා ලදී.

ඉදිරි වර්ෂවලදී දිවයිනට පැමිණෙන සංචාරකයින්ගේ විශාල වර්ධනයක් බලාපොරොත්තු වන බැවින් මෙම නව සම්බන්ධතා තුළින් අපගේ ගනුදෙනුකරුවන්ගේ නිවාඩු අත්දැකීම් වලට වටිනාකමක් එක් කිරීමට ද හැකියාව ලැබෙනු ඇතැයි ශ්‍රීලංකන් හොලිඩේස් පවසයි.   . මෙම නව සංචාරක උපාය මාර්ග ක්‍රියාත්මක කිරීම හරහා දේශීය හා අභ්‍යන්තර සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමටත්, එමඟින් කොරෝනා වසංගතයෙන් පීඩා විඳි දේශීය ආර්ථිකය පුනර්ජීවනය කිරීමටත් හැකිවෙනු ඇතැයි ශ්‍රීලංකන් හොලිඩේස් බලාපොරොත්තු වෙයි.

තවද මෙරට සංචාරක ක්ෂේත්‍රයේ දැවැන්තයින් තිදෙනෙකු සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම තුළින් සිය ගනුදෙනු කරුවන්ට හෝටල් සඳහා ආකර්ෂණීය මිල ගණන් ඉදිරිපත් කිරීමේ හැකියාව ද උදා වනු ඇති බව ශ්‍රීලංකන් හොලිඩේස් අංශය අපේක්ෂා කරයි.

ශ්‍රීලංකන් ගුවන් සේවය Uga escapes, Walkers, සහ Taru villas සමඟ ගිවිසුම් අත්සන් කිරීම මඟින් රට තුළට පැමිණෙන සංචාරකයින් සහ සංචාරක කර්මාන්තය දියුණුවට පත්කිරීමේ හැකියාව උදා වන අතරම සංචාරක ව්‍යාපාරය දිවයිනෙන් පිටතට ගෙනයාමට එය දායක වනු ඇත.