කුවේටයෙන් පිටුවහල් කළ ලාංකිකයන් පිරිසක් දිවයිනට...

Sri Lanka Kuwait
By Thaya Mar 25, 2021 07:33 PM GMT
Thaya

Thaya

Report

කුවේට් රාජ්‍යයෙන් පිටුවහල් කරන ලද ශ්‍රී ලාංකිකයන් 112 දෙනෙකු එරට සිට විශේෂ ගුවන් යානයකින් අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය . මෙම පිරිස එරට සිට අද දින කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙන බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් දැනුවත් කර තිබේ . මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස අද දින අලුයම 2.40 ට කුවේටයේ සිට ජසීරා ගුවන් සේවයේ ජේ.එන්.- 551 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස ලොව පුරා හදිසියේම පැතිර ගිය කොරෝනා වසංගතයට බියෙන් තමන් සේවය කළ නිවෙස් වෙතින් පළා ගොස් සිටියදී එරට ආරක්ෂක අංශ මගින් අත් අඩංගුවට ගෙන මෙසේ පිටුවහල් කර එවා ඇති බව කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රකාශකවරයෙකු පැවසීය . එසේ පැමිණි මෙම පිරිස ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන , ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීම් සිදු කරමින් , ප්‍රකාශ සටහන් කර ගැනීමට පියවර ගෙන තිබේ . මෙම සියල්ල නිමා වූ පසුව ඔවුන් නීරෝධායන ක්‍රියාවලිය සදහා ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් රැගෙන යෑමට නියමිත බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා වැඩිදුරටත් පැවසීය .