කථානායකගේ මග හරස් කළ විරෝධය

matara weligama parliment speaker mahinda yapa abewardhana karmantha puraya
By Sewvandhi Apr 27, 2021 01:11 PM GMT
Report

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ නිලධාරීන් ද සමග අද (27) පෙරවරුවේ මාතර වැලිගම චාලිමෝවුන්ට් වත්තේ නිරීක්ෂණයක නිරතවිය.

ඒ රජයට අයත් එම භූමියේ කර්මාන්ත පුරයක් ඉදිකිරීම සඳහා නිරීක්ෂණය කිරීමටය. එහිදී එම වතුයායේ සේවකයින් ඔවුන්ගේ පැමිණීමට විරෝධය පළ කර තිබුණි.

ඔවුන් පවසන්නේ මෙම වතුයායෙන් තමන් ජීවිකාව සරි කරගන්නා බැවින් කර්මාන්ත පුරයක් ඉදි කිරීමට කටයුතු කළහොත් තම රැකියා අහිමි වන බවය.

පසුව කථානායකවරයා ප්‍රමුඛ මන්ත්‍රිවරුන්ට ඉඩම නිරීක්ෂණය කිරීමට සිදු වූයේ පොලීසියේ මැදිහත්වීමෙන් පසුවය.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

https://chat.whatsapp.com/JFXD76SMqFe7cEJznwtMAi