ශීතකල ආහාර ගැනිමේදි ජනතාව මේ පිලිබද අවදානයෙන් ...

Gagana sinhala news frozen food products Public Health Association
By Subodha Mar 12, 2022 10:17 AM GMT
Subodha

Subodha

Report

වෙළදපොලේ ගුණාත්මක භාවයෙන් තොර ශිතකල ආහාර අලෙවි කළ වෙලෙදුන් 387 දෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගෙන ඇති බව මහජන සෞඛ්‍යවරුන්ගේ සංගමය පවසනවා .

එහි  සභාපති උපුල් රෝහණ මහතා සදහන් කලේ පසුගිය සති දෙකක කාලය තුල පාරිභෝගිකයින්ගේ විවිධ පැමිණිලි සම්බන්ධයෙන්  සිදුකල වැටලිම් වලදි එම පියවර ගත් බවයි.

වර්ථමානයේ විටින් විට සිදුවන විදුලි කප්පාදුව සමග ශිතකරණ වල තිබෙන ආහාරවල ගුණාත්මක භාවය වෙනස් වීම් ඇතිවි තිබෙන බව මෙතුමා වැඩි දුරටත් සදහන් කළා.

මේ හේතුවෙන් වෙළදපොලෙහි ශිතකල ආහාර මිලදි ගැන්මේදි පාරිභෝගිනයින්ට සැලකිලිමති විය යුතු බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා වැඩිදුරටත් පැවසීය.

ශිතකරණ වල තිබෙන මස් වර්ග හා කිරි නිශ්පාදන වල එලෙස විදුලිය කප්පාදුවත් සමග ප්‍රමිතිය වෙනස්විම් සිදුවි ඇතිබව වාර්ථා වේ..


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....
join now