මෙරටට එරෙහිව පනවා තිබූ සම්බාධකයක් ඉවතට

By Sewvandhi Aug 30, 2021 10:48 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ඉතාලියට ඇතුළුවීම සඳහා පනවා තිබූ තහනම අද (30) සිට ලිහිල් කිරීමට පියවර ගෙන ඇතැයි වාර්තා වෙයි. ඒ අනුව ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවකට ඉතාලියට ඇතුළුවීමට යළිත් අවස්ථාව උදාවෙනු ඇත.

මේ අතර අද සිට ඉතාලියේ සිසිලි දූපත සහ සර්දේනියා දූපත කහ කලාප ලෙසද නම්කර තිබේ. පවත්නා සෞඛ්‍ය තත්ත්වය මත ඉතාලියේ අවදානම පිළිවෙලින් රතු, තැඹිලි සහ කහ ලෙස විවිධ වර්ණ කලාපවලට වෙන් කෙරුණි.

ඉතාලියේ පවතින සෞඛ්‍ය තත්ත්වයන් මත අවදානම රතු, තැඹිලි සහ කහ ලෙස වර්ණ යොදා ගනිමින් කලාප වෙන් කිරීමට පියවර ගෙන තිබුණි. කොවිඩ් වෛරසයේ අවදානම අවම මට්ටමක පවතින ප්‍රදේශ 'සුදු' කලාප ලෙස ප්‍රකාශයට පත් කෙරිණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha