ශ්‍රී ලන්කන් ගුවන් යානයක් මාලදිවයිනේ දී අනතුරට ලක්වෙයි.

Sri lankan air line Moldiuws
By Aruna Apr 22, 2021 02:59 AM GMT
Report

ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානාවක් මාලදිවයින ගුවන් තොටුපලේදි අනතුරකට ලක්ව තිබේ.

එම අනතුරින් ගුවන් යානයේ පසුපස කොටසට හානි සිදුවී ඇත. අනතුර සිදුවී ඇත්තේ ගුවන් තොටුපලේ සේවා සපයන රථයක් ගුවන් යානයේ පසුපස කොටසේ වැදීමෙනි.

කිසිවෙකුට අනතුර නිසා හානි සිදු වී නැති අතර අනතුර සම්බන්ධයෙන් මාලදිවයින බලධාරීන් විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.