ලංකාවෙන් උගන්ඩාවට අභිරහස් ශ්‍රී ලන්කන් යානා 3ක් ගිහින් ?

airport uganda air line suspecient sunday times
By Sewvandhi Apr 18, 2021 08:41 AM GMT
Report

ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යානා 3ක් මගින් පසුගිය දිනෙක උගන්ඩාවේ ‘එන්ටබේ’ ගුවන්තොටුපොළ වෙත මෙට්‍රික් ටොන් 102ක බරකින් යුත් අභිරහස් පෙට්ටි රැසක් ගෙන ගොස් ඇති බව වාර්තා වේ. දැනගන්නට ඇති ආකාරයට මෙම ගුවන් යානා මගින් ‘මුද්‍රිත අමුද්‍රව්‍ය’ ලෙස හැදින්වෙන මෙට්‍රික් ටොන් 102ක ප්‍රමාණයක් රැගෙන ගොස් ඇත.

මේ සම්බන්ධයෙන් ‘සන්ඩේ ටයිමිස්’ පුවත්පත තොරතුරු දැනගැනීමේ පනත යටතේ තොරතුරු ඉල්ලා ඇතත් එම තොරතුරු ලබා දීම ප්‍රතික්ෂේප වී ඇති බවද දැනගන්නට ඇත. පසුගිය පෙබරවාරි 24 වැනි දින ශ්‍රී ලංකන් ගුවන් සේවය නිල ට්විටර් පණ්වුඩයක් තබමින් මෙසේ මුද්‍රිත අමුද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 102ක් උගන්ඩාවේ එන්ටබේ ගුවන්තොටුපොළ වෙත රැගෙන ගිය බව අනාවරණය කළේය. නමුත් ඒ සම්බන්ධයෙන් මාධ්‍ය විමසීමත් සමග එම ට්විටර් පණිවුඩය ඉවත් කිරීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවය පියවර ගෙන තිබිණ.