ඉන්දීය කොවිඞ් එන්නත ගන්න ලංකාව කැමැත්තෙන් – 13 ක්‍රියාත්මක කරන්නැයි ඉන්දියාවෙන් දැනුම්දීමක්
ඉන්දියාවෙන් කොවිඞ්-19 එන්නත් ගැනීමට ශ්‍රී ලංකාව කැමැත්ත පළ කළ බව ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයිශංකර් මහතා පවසනවා.
වසංගතය ආරම්භයේ සිටම ඉන්දීය පාර්ශවය විසින් ශ්‍රී ලංකාවට වෛද්‍ය සහය සැපයූ බවයි ඔහු සිහිපත් කලේ.
ඉන්දීය විදේශ අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, අද දහවල් මෙරට විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද සහභාගී වූ ඒකාබද්ධ මාධ්‍ය හමුවේදීයි.
එක්සත් ශ්‍රී ලංකාවක ප්‍රතිසන්ධානය වෙනුවෙන් ඉන්දියාව අඛණ්ඩව සහය සපයන බවද එස් ජයිශංකර් මහතා අවධාරණය කලා. සමානාත්මතාවය, යුක්තිය. සාමය වෙනුවෙන් ඉන්දීය සහය තවදුරටත් හිමිවන බව ඔහු සිහිපත් කලා.
13 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් පොරොන්දුවී ඇති පරිදි අර්ථවත් බලය බෙදීමක් සිදුකිරීමට ශ්‍රී ලංකාව පියවර ගත යුතුය යන්න ඉන්දියාවේ ස්ථාවරය බව විදේශ අමාත්‍යවරයා නැවත අවධාරණය කලා.
දෙරට අතර මුහුදු සීමාවේ පවතින ධීවර ගැටලූව පිළිබඳව ද විදේශ අමාත්‍යවරුන් අතර සාකච්ඡා වී තිබෙනවා.
ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා තිබුණා.
ඔහු අද පස්වරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමගද සාකච්ඡා කිරීමට නියමිතයි.