පළමු තැන ගත් ශ්‍රී ලංකාව දෙකට ඇඳදමයි...ඉන්දියාවට දොස් මුරයක්.

India Sri Lanka
By Thaya Mar 16, 2021 06:10 PM GMT
Thaya

Thaya

Report

රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරිස් පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ජොන්ටි රූඩ්ස් ප්‍රමුඛ දකුණු අප්‍රිකා ලෙජන්ඩ්ස් කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. ඒ බංග්ලාදේශ ලෙජන්ඩ්ස් කණ්ඩායම කඩුලූ 10කින් පරාජය කරමින්. ඒ අනුව මෙම තරගාවලියේ අවසන් පූර්ව වටය සදහා ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස්, ඉන්දියා ලෙජන්ඩ්ස් සහ දකුණු අප්‍රිකා ලෙජන්ඩ්ස් යන කණ්ඩායම් මේ වන විට සුදුසුකම් ලබා සිටිනවා. රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරිස් පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ පැවැත්වෙන අවසන් තරගය බටහිර ඉන්දීය කොදෙව් ලෙජන්ඩ්ස් සහ එංගලන්ත ලෙජන්ඩ්ස් යන කණ්ඩායම් අතර රායිපූර්හිදි අද පැවැත්වීමට නියමිතයි.

දළ ලකුණු වේගය අනුව ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ මේ දක්වා ඉදිරියෙන් සිටියද තරග සංවිධායකයින් සත්කාරක ඉන්දීය පිල ප්‍රසාද ලකුණු සටහනේ පළමු තැනට ගෙන ඒම සදහා අවසන් මොහොතේ පක්ෂපාති තින්දුවක් ගැනීම පිළිබද බොහෝ දෙනාගේ දෝෂ දර්ශනයට ලක්ව තිබෙනවා. තරග සංවිධායකයින් ගත් මෙම ආසාධාරණ තීන්දුව හේතුවෙන් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම දළ ලකුණු වේගය අනුව ඉදිරියෙන් සිටියද ඔවුන්ට ප්‍රසාද ලකුණු සටහනේ හිමිව ඇත්තේ 2 වන ස්ථානයයි. ඒ අනුව ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට අවසන් පූර්ව වටයේදී ප්‍රසාද ලකුණු සටහනේ 3 වන ස්ථානය දිනා ගන්නා කණ්ඩායම සමගින් තරග වැදීමට සිදුවනු ඇති.

ReeCha