ඉතිහාසේ පළමු වතාවට කාන්තා කොන්දොස්තරවරියන් ටිකට් කඩයි
ඉතිහාසයේ පළමු වරට ලංගම බස් රථ සඳහා සේවයට එක්වුණු කාන්තා බස් කොන්දොස්තරවරියන් මගීන්ගේ ප්‍රසාදය මැද මේ වන විට සාර්ථකව සිය රාජකාරී ඉටු කරන බව වාර්තා වේ.
රැකියාවට ස්ත්‍රී / පුරුෂ සමාජභාවයක් අදාළ නැත යන කියමනට අනුවශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට බස් කොන්දොස්තරවරියන් 19 දෙනෙක් පත්කර ගත්තේ නියමු ව්‍යාපෘතියක් සේම නව අත්හදා බැලීමක් ලෙසයි.
අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ මගපෙන්වීම යටතේ නව වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරෙන අතර අධිවේගී මාර්ගය ඇතුලු දිවයින පුරා මාර්ගවල රැකියාව සඳහා මෙම නිලධාරිනියන් යොදවා ඇත.