සමන් ඒකනායකට එරෙහි නඩුව අද කැඳවයි
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ලේකම්වරයා ලෙස කටයුතු කළ සමන් ඒකනායක මහතාට එරෙහි නඩුව අද(11) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැදවීමට නියමිතව ඇත.
රුපියල් ලක්ෂ 166කට අධික රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා කරමින් හිටපු ජනාධිපතිවරයා එරෙහිව ඉදිරිපත් කර තිබෙන නඩුව පසුගිය ජනවාරි 28වනදා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවා ඇත.
එහි දෙවන සැකකරු ලෙස නම් කර සිටි හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයට බාරවීමෙන් අනතුරුව අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.