ලංකාවට මේ වෙද්දි සුබම සුබයි - දැනටම ලක්ෂ 3 පැනලා

Report

2026 වසරේ ගතවූ කාලය තුළ දිවයිනට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 300,000 ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

ඒ අනුව ජනවාරි මස පළමු දින සිට පෙබරවාරි 04 වැනි දින දක්වා කාලය තුළ විදෙස් සංචාරකයින් 317,381 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බව එම අධිකාරිය වාර්තා කරයි.

මෙම සංචාරකයින් අතර වැඩිම පිරිස ඉන්දීය ජාතිකයින් වන අතර, ඔවුන්ගේ සංඛ්‍යාව 57,348 දෙනෙකු ලෙස සඳහන්.

මහ බැංකුවෙන් සුබවාදී දැනුම්දීමක් - ජනවාරි මාසයේ

මහ බැංකුවෙන් සුබවාදී දැනුම්දීමක් - ජනවාරි මාසයේ

එසේම බ්‍රිතාන්‍ය ජාතිකයින් 34,724 දෙනෙකු, රුසියානු ජාතිකයින් 30,951 දෙනෙකු, ජර්මානු ජාතිකයින් 20,272 දෙනෙකු සහ චීන ජාතිකයින් 16,315 දෙනෙකු ද මේ අතර වන බවත් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය දක්වයි.

තවද ප්‍රංශය, ඔස්ට්‍රේලියාව, නෙදර්ලන්තය ඇතුළු රටවලින් ද විශාල සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇත.

පෙබරවාරි මාසයේ පළමු දින හතර තුළ පමණක් විදෙස් සංචාරකයින් 40,054 දෙනෙකු මෙරටට පැමිණ ඇති බවද සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

ආයේ ආසාවටවත් ගෙයක් හදන්න වෙන් නෑ - ශ්‍රී ලංකාවේ සිමෙන්ති මිල 45% කින් ඉහළ මට්ටමක - රවී

ආයේ ආසාවටවත් ගෙයක් හදන්න වෙන් නෑ - ශ්‍රී ලංකාවේ සිමෙන්ති මිල 45% කින් ඉහළ මට්ටමක - රවී

ගුරු විභාග ගැසට්ටුව රිවස් කරයිද? ජනපතිට ලිපියක්

ගුරු විභාග ගැසට්ටුව රිවස් කරයිද? ජනපතිට ලිපියක්