මහ බැංකුවෙන් සුබවාදී දැනුම්දීමක් - ජනවාරි මාසයේ

Report

2026 වසරේ ජනවාරි මාසය තුළ විදෙස් ශ්‍රමිකයින් විසින් අමෙරිකානු ඩොලර් මිලියන 751.1ක විදෙස් ප්‍රේෂණ ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට එවා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

ඒ අනුව මහ බැංකුව විසින් නිකුත් කර ඇති නවතම වාර්තාවක මෙම කරුණු දැක්වේ.

එහි සඳහන් ලෙස 2025 වසරේ ජනවාරි මාසයේදී මෙරටට ලැබුණු විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 573.0ක්.

ඒ අනුව 2026 වසරේ ජනවාරි මාසයේදී ඉකුත් වසරේ එම කාලයට සාපේක්ෂව අමෙරිකානු ඩොලර් මිලියන 178.1ක ඉහළ යාමක් මෙම විදෙස් ප්‍රේෂණවල දක්නට ඇත.

ආයේ ආසාවටවත් ගෙයක් හදන්න වෙන් නෑ - ශ්‍රී ලංකාවේ සිමෙන්ති මිල 45% කින් ඉහළ මට්ටමක - රවී

ආයේ ආසාවටවත් ගෙයක් හදන්න වෙන් නෑ - ශ්‍රී ලංකාවේ සිමෙන්ති මිල 45% කින් ඉහළ මට්ටමක - රවී

එමෙන්ම 2026 වසරේ ජනවාරි මාසයේ සංචාරක ආදායම වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 378.3ක් උපයා ඇති බවද අඳාළ වාර්තාවේ දැක්වේ.

කෙසේ වුවද 2025 වසරේ ජනවාරි මාසයේදී ලැබුණු සංචාරක ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 400.7ක් වූ අතර, එය 2026 වසරේ ජනවාරි මාසය සමඟ සැසඳීමේදී සියයට 5.6ක පහළ යාමක් බවද ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් දක්වයි.

රාජ්‍ය සේවයේ ඉන්න මේ අයට විශේෂ දැනුම්දීමක් - අද සිට 19 දක්වා

රාජ්‍ය සේවයේ ඉන්න මේ අයට විශේෂ දැනුම්දීමක් - අද සිට 19 දක්වා

[N47L8NH