මෙන්න මේ බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

Report

නිවේදනයක් නිකුත් කරමින් වාර්තා කරන ආකාරයට පසුගිය වසර සිට මේ දක්වා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් ගවේෂණ බලපත්‍ර කිසිවක් කිසිදු සමාගමකට හෝ පුද්ගලයන් හට දිවයින තුළ කිසිදු ස්ථානයකට නිකුත් කර නොමැත.

එමෙන්ම නව රජයේ ප්‍රතිපත්තිය අනුව නව ක්‍රමවේදයන් හඳුන්වාදීම සඳහා වැඩපිළිවෙලක් සකස් කරමින් පවතින බවත් එය ක්‍රියාත්මක කරන තෙක් ජනාධිපතිතුමාගේ නියෝගයක් අනුව බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බවත් අදාළ නිවේදනයේ සදහන් වේ.

මත්පැන් මිල පහළට? වෙන්න යන වෙනස මෙන්න

මත්පැන් මිල පහළට? වෙන්න යන වෙනස මෙන්න

මීට අමතරව මිරිජ්ජවිල ගානට් කැණීම් පිළිබඳ මාධ්‍යය මගින් සංසරණය වන ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන්ද එම නිවේදනයේ සදහන් වේ. 

අදාළ උපුටා ගැනීම පහතින්,


“භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ එවකට සිටි අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් පසුගිය රජය සමයේදී ජනාධිපතිවරණයට දින දෙකකට පෙර 2024.09.19 දින වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව වෙත “මිරිජ්ජවිල ධීවර බෝට්ටු ගොඩ බෑමේ ස්ථානය වෙතට පැමිණෙන යාත්‍රා ප්‍රවේශ මාර්ගයේ වැලි තාවකාලිකව ඉවත් කිරීමේ කටයුතු හා සම්බන්ධවයි” යන ශීර්ෂය යටතේ ඒ සඳහා විරෝධතාවයක් නොමැති බවට ලිපියක් නිකුත් කර ඇත. ධීවර අමාත්‍යාංශය විසින් එවැනි වැලි ඉවත් කිරීමක් සඳහා කාර්යාංශයෙන් ඉල්ලුම් කර ඇත්තේ 2024.09.13 වන දිනදීය. 2024.09.19 දිනැති ලිපිය පාදක කර ගනිමින් මේ සඳහා කාර්යාංශයේ සම්බන්ධතාවක් ඇති බව මාධ්‍ය මගින් දැක්වෙන ප්‍රවෘත්තියෙන් සඳහන් වන නමුත් කාර්යාංශය විසින් මෙම ස්ථානය සඳහා ගවේෂණ බලපත්‍රයක් හෝ වෙනත් කිසිදු බලපත්‍රයක් ලබාදී නොමැති බව අවධාරණය කරමු.”


උපුටා ගැනීම අවසන්.

රථ වාහන රියදුරන්ට සුභ ආරංචියක් - පද්ධතිය සාර්ථකයි

රථ වාහන රියදුරන්ට සුභ ආරංචියක් - පද්ධතිය සාර්ථකයි