ලංකාව දියුණුවෙන් දියුණුවට - මෙන්න අලුත්ම ආරංචිය

Report

දිවයිනට පැමිණෙන විදෙස් සංචාරකයන්ගේ පිරිස දිනෙන් දින ඉහළ යමින් ඇති අතර ශ්‍රී ලංකාව පිළිබඳ විදේශයන්හි පවතින පිළිගැනීම ඉහළ යාමත් මෙයට හේතුව බව වාර්තා වේ.

මෙම වසරේ පළමු දින 25 තුළදී ද දෙලක්ෂ විසිතුන්දහසකට අධික සංචාරකයන් පිරිසක් මෙරටට පැමිණ ඇති අතර ඉන් ඉන්දියාව / එංගලන්තය / රුසියාව / ජර්මනිය / ප්‍රංශය / චීනය සහ ඔස්ට්‍රේලියාව යන රටවලින් සංචාරක වැඩි පිරිසක් මෙරටට පැමිණ ඇත.

රට ඉදන් එන අයට ආයේ මේවා ගේන්න බෑ - එන අයවත් දැනුවත් කරන්න

රට ඉදන් එන අයට ආයේ මේවා ගේන්න බෑ - එන අයවත් දැනුවත් කරන්න

සංඛ්‍යා ලේඛන වාර්තා පෙන්වා දෙන ආකාරයට මෙම වසරේ ජනවාරි පළමු වනදා සිට 25 වනදා දක්වා විදෙස් සංචාරකයන් දෙලක්ෂ විසිතුන්දහස් හයසිය හතලිස්පස්දෙනෙකු මෙරටට පැමිණ ඇත.

මෙම දිනවල දී වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ පසුගිය 15 වන අතර ඒ දසදහස් හාරසිය අසූතුන්දෙනෙකු වේ.

බරවාහන බලපත්‍ර තිබුණත් ඉස්සරහට අමාරු වෙයි - විශේෂ බලපත්‍රයක් ලබාදෙන්න සූදානමක්

බරවාහන බලපත්‍ර තිබුණත් ඉස්සරහට අමාරු වෙයි - විශේෂ බලපත්‍රයක් ලබාදෙන්න සූදානමක්

එමෙන්ම මෙම වසරේ පළමු දින 25 තුළ දී වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව 41,603 දෙනෙකු වේ. මේ අනුව මෙරට සංචාරක කර්මාන්තයද දිනෙන් දින ඉහළ යමින් පැවතීම රටට හා රටේ ආර්ථිකයට සතුටු කරුණකි.