කඩුලු ආරක්ෂා කර ගනිමින් ලකුණු රැස්කිරීම ශ්‍රී ලංකා පිලේ සැලැස්මයි

Sri Lanka
By Thaya Jan 17, 2021 08:16 PM GMT
Report

ශ්‍රී ලංකා – එංගලන්ත පළමු ටෙස්ට් තරගයේ 4 වන දිනය අදයි.

ඊයේ දිනය නිමාවන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා පිළ කඩුලු 2 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 156 ක්.

ලහිරු තිරිමාන්න නොදැවී ලකුණු 76 යි. කුසල් ජනිත් පෙරේරා ලකුණු 62 ක්ද කුසල් මෙන්ඩිස් ලකුණු 15 ක්ද රැස් කළා.

ශ්‍රී ලංකා පළමු ඉනිම සියල්ලන් දැවී ලකුණු 135 යි. සිය පළමු ඉණිම සඳහා එංගලන්ත කණ්ඩායම සියල්ලන් දැවී ළකුණු 421 ක් ලබාගත්තා.

නායක ජෝ රූට් 228 යි.

තරගය පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීයි.

03 වන දිනය නිමාවීමෙන් පසු පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා කියා සිටියේ කඩුලු ආරක්ෂා කර ගනිමින් ලකුණු රැස්කිරීම ශ්‍රී ලංකා පිලේ සැලැස්ම බවයි.