අද පොලිසියෙන් විශේෂ මෙහෙයුම් දෙකක්(VIDEO)..

Police Sri Lanka CTB Western province Ajithi Rohana
By Aruna May 20, 2021 05:34 AM GMT
Aruna

Aruna

Report

බස්නාහිර පළාත තුළ සහ අනෙකුත් ප්‍රදේශවල ජනතාව නිරෝධායන නීතිවලට අනුගතව කටයුතු කරන්නේ දැයි සොයා බැලීම සඳහා අද (මැයි 20) දින විශේෂ මෙහෙයුම් 2ක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඒ අනුව, එක් මෙහෙයුමක් පොදු ප්‍රවාහන සේවා නිරෝධායන නීතිවලට අනුගතව කටයුතු කරන්නේ දැයි සොයා බැලීම සඳහා ක්‍රියාත්මක කෙරෙන අතර අනෙක් මෙහෙයුම වෙළෙඳ සල්, රෙදිපිළි වෙළෙඳ සල්, සුපිරි වෙළෙඳ සල් හා හෝටල් ආශ්‍රිතව සිදු කිරීමට නියමිත බව ⁣පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. 

මේ වන විට ක්‍රියාත්මක නිරෝධායන නීතිවලට අනුව පොදු ප්‍රවාහන සේවාවක ගමන් කළ හැක්කේ, එහි ආසන සංඛ්‍යාවට පමණක් වන අතර ටැක්සි, ත්‍රීරෝද රථ ආදියෙහි ගමන් කළ හැක්කේ දෙදෙනෙකුට පමණි. 

ඒ අනුව, අද (මැයි 20) දින රථ වාහන පොලිස් නිලධාරීන් යොදවා වාහන පරීක්ෂාවට ලක් කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව ඒ මහතා පැවසීය.

තව ද යම් පොදු ප්‍රවාහන බස් රථ සේවයක රියැදුරෙකු හෝ කොන්දොස්තරවරයෙකු අදාළ බස් රථයේ ආසන සංඛ්‍යාවට වඩා වැඩි පිරිසක් ප්‍රවාහනය කරන්නේ නම් ඒ අයට එරෙහිව නිරෝධායන නීතිය යටතේ කටයුතු කරන බවත් එම බස් රථ පොලිසිය භාරයට ගැනීමක් සිදු කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. 

එමෙන් ම පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේ, අද (මැයි 20) දින ක්‍රියාත්මක කිරීමට නියමිත අනෙක් මෙහෙයුමේ දී වෙළෙඳ සල්, රෙදිපිළි වෙළෙඳ සල්, සුපිරි වෙළෙඳ සල් හා හෝටල් ආදිය පරීක්ෂාවට ලක් කෙරෙන අතර ඒවා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මැයි මස 12 වන දින නිකුත් කළ මාර්ගෝපදේශ වල සඳහන්ව ඇති පරිදි 25%ක ධාරිතාවකින් පමණක් පවත්වාගෙන යා යුතු බවයි. 

තව ද එක් පුද්ගලයෙකුට ඝණ මීටර් 1.5ක ඉඩ ප්‍රමාණයක් ලැබෙන අයුරින් එවැනි ස්ථාන පවත්වාගෙන යා යුතුය. 

එබැවින් මෙම කරුණුවලට පටහැනිව පවත්වාගෙන යන ආයතනවලට එරෙහිව නිරෝධායන නීතියට අනුකූලව කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. 

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ, එවැනි ආයතනවල ප්‍රධානීන්, කළමනාකරුවන් සහ සුපර්වයිසර්වරුන් ආදීන් මෙම කරුණු පිළිබඳව අවධානය යොමු කරනු ඇතැයි අපේක්ෂා කරන බවය.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now